Connect with us

පුවත්

පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක තාවකාලික පැවිදි දිවියට

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තාවකාලික පැවිදි භාවය ලබා තිබේ.

ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී ඔහු පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන හිමි නමින් පැවිදිබව ලබා ඇත.

ඉසිපතනාරාමයේ මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායකහිමිවරුන්ගේ උපාධ්‍යායෙන් යුක්තව ආගමික වතාවත් අනුව අද (20) දින පෙරවරුවේ පූජ්‍ය හාරිස්පත්තුවේ ධම්මරතන නමින් පැවිදි භාවයට ඇතුළත්වී තිබේ.

කැනඩාවේ පදිංචි, වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් සඳකැළුම් රාජපක්ෂ මහතාද පූජ්‍ය අම්පාරේ ධම්මාලෝක නමින් මෙම අවස්ථාවේදීම තාවකාලික පැවිදි භාවයට ඇතුළත් වීමද සිදුවී ඇත.

ගුණතිලක රාජපක්ෂ මහතාගේ බිරිඳ ද මීට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූ අතර පසුගියදා පැවැති මහනුවර සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ හදිසියේ රෝගාතුර වූ ඒ මහතා රෝහල්ගත කිරීමටද පියවර ගැනුණි.

දැඩි කාර්යබහුල ජීවීතයක් ගත කිරීම හේතුවෙන් පීඩාවට පත්වී ඇති මනස සන්සුන් කරගැනීම සඳහා තාවකාලිකව හෝ පැවිදි දිවියට ඇතුළත්වීමට තීරණය කළ බවද මනස සන්සුන් කරගැනීම සඳහා සුදුසුම ප්‍රතිකාරය භාවනා කිරීම බවද පූජ්‍ය ධම්මරතන හිමියන් පවසා ඇත.

පුවත්

මින්නේරිය හැඩකල “යුනිකෝන්” සමුගනී

Published

on

By

කටුකැලියාව රක්ෂිතයේ ඒක දන්ත ඇතෙක් වෙඩි තබා ඝාතනය කරතිබේ.

මෙම හස්තියා මින්නේරිය, කවුඩුල්ල නිජබිම කොටගත් විශාලම ඒක දන්ත හස්තියෙකු වන “යුනිකෝන්” නම් හස්තියා බව විශ්වාස කරයි.

හස්තියා මිය ගොස් ඇත්තේ හිසට එල්ල වූ වෙඩි පහරකින් බවට ද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් පුද්ගලයන් කිසිදු බියක් සැකක් නොමැතිව අලි ඇතුන් මරා දැමීමට කටයුතු කරන බවකි.

Continue Reading

පුවත්

ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනම්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

Continue Reading

පුවත්

මර්වින් සිල්වා නැවතත් රිමාන්ඩ්

Published

on

By

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved