Connect with us

පුවත්

පොහොර නොදුන් නිසා සජබ අපේක්ෂක කෘෂි නිලධාරිනිය ඇනලා මරලා

Published

on

පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්‌යේෂණ නිලධාරිනියක ඊයේ (27) ‍තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

තංගල්ල නෙටොල්පිටිය වැලිආරේ පදිංචි තිස්හැවිරිදි ආර්.එම්. දීපශිකා නම් තරුණියක මෙලෙස මියගොස් ඇත.

මේ දිනවලදී ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හිදී නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර නෙටොල්පිටියේ පිහිටි තංගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ද මෙලෙස පොහොර බෙදා දී ඇත. ‍

මෙලෙස පෙරේදා (26) දිනයේදී ගොවීන්ට පොහොර බෙදාදීමේදී පුද්ගලයකු පොහොර ඉල්ලා නිලධාරිනිය සමග බහින්බස් වී ඇත. 

ඔහු ඇයට බැණවැදී එතැනින් පිටව ගොස් තිබිණි.

කෙසේ වුවද ඇය ඊයේ (27) පෙරවරුවේ රැකියාව සඳහා නිවෙසින් පිටත්ව යන අවස්ථාවේදී නිවෙස ආසන්නයේ මග රැක සිටි එම පුද්ගලයා ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත. 

බරපතළ තුවාල ලැබූ කාන්තාව තංගල්ල මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කියයි.‍

ඝාතනය සම්බන්ධයෙන් ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනිබේබි’ නම් නෙටොල්පිටියේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු සැකපිට තංගල්ල මූලස්ථාන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු සමගි ජනබලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව කියයි.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved