Connect with us

පුවත්

පෞද්ගලික අංශයේ අවම මුලික වැටුප රු 21,000  දක්වා ඉහළට

Published

on

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම මුලික වැටුප රුපියල් 21,000ක් බවට පත්කරමින් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගත් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ලැබී තිබේ.

2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.

ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික ගෙවීමේ දී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

පුද්ගලික අංශයේ සේවා යෝජකයින් සිය සේවකයින් සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට ජාතික අවම මාසික වේතනය වශකයෙන් රුපියල් 17,500ක් සමග 2005 අංක 36 හා 2016 අංක 4 දරණ අය වැය සහන දීමනා පනත් මඟින් ගෙවිය යුතු රුපියල් 3,500ක අය යැය දීමනා ඇතුළු රුපියල් 21,000ක අවම වේතනයක් ගෙවිය යුතු බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ පාරිතෝශික ගෙවීම් සදහා අදාළ අවම වැටුප අදාළ කරගත යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත හඳුන්වා දීම මඟින් පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකයින් සඳහා 2016.01.01 දින සිට බලාත්මක වන ආකාරයට ජාතික අවම වේතනයක් නියම කිරීමට කටයුතු කර ඇත.

මෙම පනත මඟින් මාසික වැටුප් ගෙවන සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම වේතනයක් ද දෛනික වැටුප් ගෙවන සේවයන්ට රුපියල් 400ක දෛනික අවම වේතනයක් ගෙවීමට ද මුල් අවස්ථාවේ දී නියම කරන ලදී.

නැවත 2021 වර්ෂයේ දී මෙම පනතට ගෙනෙන ලද සංශෝධනයක් මඟින් අවම මාසික වේතනය රුපියල් 12,500 දක්වා ද දෛනික වේතනය රුපියල් 500 දක්වා ද 2021 අගෝස්තු මාසයේ සිට ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.

මෑත කාලීනව රටේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව පෞද්ගලික අංශ‌යේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් 2021 වර්ෂයේ සිට සිදුනොවීම නිසා අවස්ථා කිහිපයක දී ජාතික කම්කරු උපදේශන සභාවේ දී සාකච්ඡා කිරීමෙන් පසු ජාතික අවම වේතනය රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ද, දෛනික අවම වේතනය රුපියල් 500 සිට 700 දක්වා ද රුපියල් 200කින් ද ඉහළ නැංවීමේ අරමුණින් ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  

ඒ අනුව, අදාළ පියවර අනුගමනය කිරීමෙන් අනතුරුව මෙම සංශෝධන කෙටුම්පත 2024.09.03 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට කටයුතු කළ අතර, කථානායකවරයා විසින් එකී කෙටුම්පතට අත්සන් කිරීමෙන් පසු මෙම මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව ද අදාළ අමාත්‍යාංශ නිවේදනයේ දැක්වේ.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved