Connect with us

පුවත්

බටලන්ද කොමිෂන් වාර්තාවේ තියෙන්නේ ජවිපේ 88-90 කල භීෂණය ගැනයි – රනිල්

Published

on

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.

ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව එම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය මෙසේය.

“ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේ රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය, වෙළඳ කළාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව කැඳවණු ලැබුවා.

ආරක්ෂක අංශවලට රැඳි සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සමාගමට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මරා දැමුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිවාස සංකීරණයේ හිස්ව පැවැති නිවාස ඔවුනට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැළණි පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමූපකාර සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු කීප දෙනෙකු ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා. ඒ සමග තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහරදීමක් සිදුවුණා.

කඩා වැටුණු ජන ජීවිතය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මාව මෙහි කැඳෙව්වේ සාක්කිකරුවෙක් ලෙස පමණයි. ඒ වනවිට මම රටේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.

බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් එම උත්සාහය සාර්ථක වුණේ නෑ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරී මගින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාරදී අදාළ නිලධාරීන්ට පැවරීමයි.

මේ ක්‍රියාකාරීකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වෙන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේදී කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සභාපති නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ 03 වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ 2000දී පාර්ලිමේන්තු සැසිවාරයක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් එය විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩුම තරමේ ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නෑ. බොහෝ දෙනක් වාර්තාව පිළිගත්තෙත් නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

බලයට පත්වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ හෝ අනෙක් පාර්ලිමේන්තුවලවත් නැහැ”

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading

පුවත්

බහාලුම් නිදහස් කිරීමේ කේස් එකට රේගු අධ්‍යක්ෂ ජනරාල් කොටු වෙයි?

Published

on

By

පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්වූ බහලු‍ම් 323 නිදහස් කිරීමේ සිද්ධියට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ බලතල ඉක්මවා ක්‍රියා කර බහලු‍ම් මුදාහැර ඇති බව පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඒ සමඟ ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව ද සභාගත කරනු ලැබීය. එම වාර්තාව අනුව නිදහස් කරන ලද බහලු‍ම් සංඛ්‍යාව 323 ක් නොව 309 කි. එයින් බහලු‍ම් 151 ක් රතු ලේබල යටතේ ඉදිරිපත් වුවද එයින් 37 ක් විධිමත් නීතිමය ලෙස පරීක්ෂාවට ලක් නොකර නිදහස් කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම තීරණය ගැනීමට පෙර බහලු‍ම් 2 කලින්ම නිදහස් කර යවා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

පවත්නා රේගු නීතිය අනුව රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කළ යුත්තේ භෞතික පරීක්ෂාවකින් සහ ස්කෑන් පරීක්ෂාවකින් පසුව බවද අදාළ වාර්තාවේ සඳහන් වන බව වාර්තා වේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල ජූලි 15ට කලින්

Published

on

By

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 15 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම, අවසන් අදියරයේ පවතින බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව 478,182කි.

ඉන් 398,182ක් පාසල් අයදුම්කරුවන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved