Connect with us

පුවත්

බදුල්ලේ අනතුර හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

බදුල්ලේ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළී යාමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

එම කමිටුවට , පළාත් අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් ය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්, නන්දසේන හේරත් මහතා ප්‍රකාශ කළේ, අනතුර සිදු වූ බදුල්ල නව ක්‍රීඩාංගණයේ ස්ථානීය පරීක්ෂණය බදුල්ල මහේස්ත්‍රාත් නොජිත් ද සිල්වා මහතා විසින් අද (02) පෙරවරුවේ සිදු කළ  බවයි.

මීට අමතරව පළාතේ සෙසු පාසල්වල වාර්ෂික ක්‍රිකට් තරගවලට බාහිරව සංවිධානය වන මෙවැනි වැඩසටහන් නැවැත්වීමට ආරක්ෂක අංශ සහය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ඊයේ (02)  දින බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කළ රථ පෙළපාලියක් අතරතුර කැබ් රථයක් පෙරළීයාමෙන් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය ගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත් වූයේ , බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්. එම්. රවිදු සහ හරේන්ද්‍ර රුක්මාල් යන සිසුන් දෙදෙනායි.

ඔවුන් හැලි ඇල සහ රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

(නිවුස්ෆස්ට්)

පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් 27දා සිට මාර්ගගත ක්‍රමයට!

Published

on

By

ඊයේ (23) නිකුත්කරන ලද පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලකුණු පිළිබඳව අභියාචනා කිරීමට අවශ්‍ය නම් මෙම මස 27 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා මාර්ගගතව අයදුම් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 මේ අතර එම විභාගයට අයදුම් කළ සිසුන් 4616ක් විභාගයට පෙනී සිට නැතැයි ද වාර්තා වේ.

ඒ සඳහා අයදුම් කළ සංඛ්‍යාව 323,900ක් වන අතර පෙනී සිට ඇත්තේ 319284කි. 

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල www.doenets.lk www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි වන අතර යම් විමසීමක් කරන්නේ නම් 1911, 0112 784208, 0112 784537 යන දුරකථන අංකවලට අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි

Published

on

By

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය

Continue Reading

පුවත්

වැඩවර්ජන, උද්ඝෝෂණ‍වලින් තොර සෞඛ්‍ය සේවාවක්

Published

on

By

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති හමුවකදීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කලේය.

ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විස‍ඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින්  වැඩ වර්ජන, උද්ඝෝෂණවලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ සඳහා ගත හැකි නීත්‍යානුකූල සහ සාධාරණ සියලු ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළිව ක්‍රියා කරන බව නලින්ද ජයතිස්සා මහතා අවධාරණය කලේය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර රාජකාරී ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සඳහන්ය.

වෘත්තීය සමිති සමඟ පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමඟ පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පැවැත්වීමට නියමිත්ය.

ඊට සමස්ත ලංකා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් සහ විමර්ශන නිලධාරීන්ගේ සංසදය, සමස්ත ලංකා දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සමග ද අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  එම ගැටලුවලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියාසිටියේය.

ශ්‍රී ලංකාව තුළ පැවති මැලේරියාව, බරවා, නවජන්ම පිටගැස්ම, පෝලියෝ, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණය වීම වැනි රෝග තත්ත්වයන් මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය සේවාවේ තම රාජකාරී කටයුතු නිබදව ඉටුකරන‍ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම, උත්සහය මත හැකියාව ලැබී තිබේ.

එමෙන් ම මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව සංවර්ධිත රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවට සමාන අයුරින් ක්‍රියාත්මක වන බවත් එම තත්ත්වයට මෙරට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙන මෙරට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම ප්‍රසාදය පළකර සිටින බව ද අමාත්‍යවරයා  මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved