Connect with us

පුවත්

බදු ගැන සියලු තොරතුරු අද රට හමුවට

Published

on


බදු පිලිබඳ සියළු තොරතුරු අද (26) දිනයේ හෙළිදරව් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සියළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද එම කටයුතු සිදුකෙරෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

හිඟ බදු අයකර ගැනීම සඳහා බැංකු ගිණුම් 900 ක් පමණ අත්හිටුවා එම හිඟ බදු මුදල් අයකර ගැනීමට පියවර ගනිමින් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ යටතේ රජය නිසි පරිදි රාජ්‍ය ආදායම කලමනාකරණය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

හිඟ බදු නිසි පරිදි එකතු කර නොගන්නා බවට චෝදනා එල්ල වුවද, මෙම වකවානුවේ තරම් හිඟ බදු අයකර ගැනීමට පියවර ගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ වෙනත් වකවානුවක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන ලදී.

(News 1st)

පුවත්

කරාපිටිය රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

Published

on

By

අද (05) උදෑසන 8 සිට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර අදාළ වෛද්‍යවරයාව මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා බලධාරීන් ක්‍රියාකිරීම හේතුවෙන් වැඩවර්ජනය අවසන් කර ඇත.


කරාපිටිය රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අද (05) පෙරවරු 8 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම රෝහලේ පිළිකා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් වෛද්‍ය අසංක කෝණාර මහතා පැවසුවේය.

වෛද්‍ය අසංක කෝණාර මහතා කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර ද කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක නිරත වූ අතර බලධාරීන් එම ගැටලුවට නිසි විසඳුම් ලබා නොදීමට විරෝධය පළකරමින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යූ.එම් රංග මහතා සඳහන් කළේ, අදාළ චෝදනාව එල්ල් වී ඇති විශේෂඥ වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීමට සෞඛ්‍ය ආමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇති බවය.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට මාරුකර යැවීම සඳහා ලිඛිත දැනුම් දීම අද දිනයේ සිදුවනු ඇති බව ද කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කලේය.

Continue Reading

පුවත්

ආනයනික සීනිවලට තවදුරටත් බදු

Published

on

By

ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය.

එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ භාණ්ඩ බද්ද දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ අතර වත්මන් රජය විසින් ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු අඩුකරන බව පැවසුව ද ඔවුන් ද එම බදු අය කිරීමට කටයුතු කරමින් සිටින බව මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

4 දෙනෙක් තවමත් රජයේ බංගලා භාරදීලා නැහැ

Published

on

By

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිව් දෙනකු රජයේ බංගලා තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත, හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් යන අයගේ බංගලාවන් මෙලෙස තවමත් භාරදී නැත.

මොහාන් පී ද සිල්වා මහතා සතුව තිබූ බංගලාව අද (5) භාරදෙන බව ඔහු දැනුම් දී ඇති බවද වාර්තා වේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින අතර, ඔවුන්ට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් ඉන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බවද වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved