Connect with us

පුවත්

බන්ධනාගාරයේදී සුද්දාගේ පිරිසක් පහරදීමෙන් බටු මීයාගේ පිරිසකට තුවාලයි

Published

on

ගාල්ල බන්ධනාගාරය තුළදී ඊයේ (19) උදෑසන රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනෙකු තුවාල තබා ඇති බව වාර්තා වෙයි.

ගාල්ල බන්ධනාගරයේ රඳවා සිටින අපරාධ කල්ලි දෙකක සාමාජිකයින් අතර එම ගැටුම හටගෙන තිබුණි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ අනුර පුෂ්පකුමාර හෙවත් “බටු මීයා” නමැති අපරාධකරුගේ පාර්ශ්වය සහ සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා නමැති අපරාධකරුගේ පාර්ශ්වය අතර ගැටුම හටගෙන ඇති බවයි.

එහිදී “බටු මීයා” නමැති රැඳවියා සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

“බටු මීයා” සහ ඔහුගේ සගයින් තිදෙනා බන්ධනාගාරගත කෙරුණේ මීටියාගොඩ බෙලිමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පියෙකුට සහ දියණියකට වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එහිදී ඔහු පොලීසියට පවසා තිබුණේ කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් තමන්ව ඝාතනය කිරීමට සූදානම්ව සිටි බවත්, ඊට ආධාර අනුබලදුන් පුද්ගලයෙකු ඉළක්ක කර වෙඩිතැබීම සිදුකළ බවටයි.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයට යැවුණු ඔවුන් රඳවා සිටි වාට්ටුවෙහි කරන්දෙණිය සුද්දාගේ පර්ශ්වයට අයත් සැකකරුවන් පිරිසක්ද සිට තිබුණි.

ඊයේ උදෑසන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය විසින් “බටු මීයා” සහ ඔහුගේ සගයින්ට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර ඇති බව සඳහන් ය.

අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මැදිහත්වී තත්ත්වය පාලනය කර “බටු මීයා” ඇතුලු පිරිස බූස්ස බන්ධනාගාරයට මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved