Connect with us

පුවත්

බලු පැටව් යටකළ කත වරද පිළිගනියි!

Published

on

පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මතුරට පොලිසිය පවසයි.

සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් බව පොලිසිය පවසයි.

ඉකුත් 17  වැනි දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට යටවී මෙම සුනඛ  පැටවු දෙදෙනා මියගොස් තිබුණි.

අදාල දාල වීඩියෝ  දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම 18 දින සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය පරීක්ෂණ පවත්වා මතු රට  ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරිකයා මතුරට පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වූ සත්ව හිංසනයට ප්‍රකාරව  ඊයේ (20) සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (20) පස්වරුවේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර  මහේස්ත්‍රාත්රුවරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved