Connect with us

පුවත්

 බස්නාහිර රාජ්‍ය බැංකු නිලධාරීන් හෙට විහාරමහාදේවී පාර්ක් එකට එයි

Published

on

රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව හෙට (02) බස්නාහිර පළාත තුළ සේවය කරන සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය කියා සිටී.

එම සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසන්න‌ේ ලංකා බැංකුවේ  සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකිණීමට රජය තීරණය කර ඇති බවයි.

පාඩු ලබන ආයතනයන් කියමින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම් ආරම්භ කර ඇති බවත් පසුගිය වසරේදී ලංකා බැංකුව බිලියන 30ක්ද මහජන බැංකුව බිලියන 20ක්ද වශයෙන් ලාභ ලබා ඇති බවත් ඔහු කියා සිටී.

මේ වසර තුළදී මෙම බැංකු දෙක රුපියල් බිලියන 20කට වැඩි ප්‍රමාණයක්  ආණ්ඩුවට බදු ගෙවා ඇතැයිද චන්න මහතා සඳහන් කරයි.

ඊට අමතරව මෙතෙක් කලක් බුක්ති විඳි සාමුහික ගිවිසුම් ආණ්ඩුව තහනම්           කර ඇතැයිද පැවසේ.

පුවත්

ජනපති වියට්නාමයට, යළි එන්නේ ඡන්දෙදාට

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) රාත්‍රියේ වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වනදා සිට 06 වනදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදුකෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතය.

තවද හෝ චි මිං නගරයේදී මැයි 06 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.

එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමුවී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වෙනු ඇත.

Continue Reading

පුවත්

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයා ගැන විමර්ශනයක්

Published

on

By

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොස්ගොඩ පදිංචි තරුණයෙකි.

සැකකාර තරුණයාව, ඊයේ අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී හදිසියේ රෝගී වී ඇති අතර අනතුරුව ඔහුව රෝහල වෙත රැගෙන යමින් සිටිදී මියගොස් තිබුණි.

ඔහුගේ මෘත දේහය මේ වනවිට බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන්

Published

on

By

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඡන්ද විමසිමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළයුතු බවය.

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතය.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ 28,29  යන දින තුළ සිදු කෙරුණි. 

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved