Connect with us

පුවත්

“බස් එකෙන් ඇවිල්ලා බිලියනවලින් වියදම් කරන්න අවසර ඉල්ලනවා”

Published

on

එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් රුපියල් 200, 300 සහ 400ක මුදලක් පමණ වියදම් කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ යෝජනා කළ බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමිසමේ  ඊයේ (16) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

විජයදාස රාජපක්ෂ මෙහිදී පවසා සිටියේ ඇතැම් අපේක්ෂකයින් බස් රථයකින් පැමිණ මැතිවරණය සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කිරීමට අවසර ඉල්ලා සිටීම පුදුම සහගත බවයි.

මේ අතර මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 100ක මුදලක් වියදම් කිරීම සඳහා අවසර ලබා දෙනු ඇති බවට අපේක්ෂා කරන බවය.

නමුත් ඇතැම් පක්ෂ විසින් ඡන්ද දායකයා රුපියල් 20ක පමණ අගයකට සීමා කරමින් මැතිවරණයේ අගය පහළ දමමින් අදහස් පළ කළ බවද ඔහු මෙහිදී සඳහන් කලේය.

පුවත්

FAO පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කිරීමට අවසර

Published

on

By

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) පර්යේෂණ නෞකාව සඳහා ශ්‍රී ලංකාව අවසර ලබා දී තිබේ.

අගෝස්තු 15 සිට 20 දක්වා කාල සීමාව තුල එම නෞකාව මෙරට මුහුදු තීරයේ සිය පර්යේෂණ කටයුතු සිදුකරනු ඇත.

අදාළ නෞකාවට ශ්‍රී ලංකා භෞමික ජල තීරයේ විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙය, මත්ස්‍ය තොග, ජෛව විවිධත්වය සහ සාගර විද්‍යාත්මක තත්ත්වයන් පිළිබඳ වැදගත් දත්ත රැස් කරන පර්යේෂණ නෞකාවකි.

මෙම නෞකාව,  ශ්‍රී ලංකා ජල තීරයේ පර්යේෂණ කටයුතු සිදු කිරීමට උත්සාහ කළ නමුත්, විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) නොමැති විට රජය මීට පෙර එයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක් පුරා පැවති තහනම 2024 දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වූ අතර, ඉන්පසු 2025 ජනවාරි අගදී ශ්‍රී ලංකාවේ විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබා දීම සඳහා SOP සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කැබිනට් තීරණයක් ගන්නා ලදී.

මෙම නෞකාවේ ආගමනය පිළිබඳ වාර්තා වූ තොරතුරු අතර වූයේ යම්හෙයකින් මෙම පර්යේෂණ නෞකාවට මෙරටට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 10ක් අහිමිවනු ඇති බවය.

සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/විදෙස්-පර්යේෂණ-යාත්රා-ග/

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමට පැමිණි සේනාධිපති පිටව යයි (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිය ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් තිබේ.


(පෙර පුවත 2025 ජූනි 23 ප.ව.3.13 )

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප

Published

on

By

සිරකරුවෙකු ජනපති සමාව මුවාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට ඇප නියම කර තිබේ.

ඒ, එම නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය.

ඔහුට ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් හා විදෙස් ගමන් තහනම් කිරීමක්ද සමඟින් මෙම ඇප නියම කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ සාක්කිකරුවන්ට බලපෑම් කිරීම සපුරා තහනම් බවය.

මෙම නඩුව යළිත් අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved