Connect with us

පුවත්

මාරක බස් අනතුරේ ICU ලෙඩ්ඩු ගණන ඉහළට ( Update )

Published

on

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවය.

මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු ඊයේ දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


(පෙර පුවත 2025 පෙබරවාරි 10 ප.ව 02:58)

කුරුණෑගල බස් අනතුර සම්බන්ධයෙන්  රියැදුරෙකු අත්අඩංගුවට ( Update )

කුරුණෑගල, තෝරයායේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, පළා යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

මාදුරුඔය සිට කොළඹ දක්වා සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් ගැටීමෙන් අද උදෑසන අනතුර සිදුවිය.

ඉන් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබුවේ ය.

කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කළ බස් රථය, තෝරයායේ නතර කර තිබියදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය එහි පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවකි.


(පෙර පුවත 2025 පෙබරවාරි 10 පෙ.ව 10:14)

බස් රථ අනතුරකින් 04ක් මරුට – 28කට තුවාල(video)

කුරුණෑගල  –  දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේ දි අද (10) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙක් මියගියහ.

අනතුරෙන් තුවාල ලැබූ 28 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ තවත් පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මැල්සිරිපුර සිට ධාවනය වූ බස් රථය තෝරයාය බස් නැවතුමේ නතරකර තිබියදී ඊට පිටුපසින් පැමිණි අනෙක් බස් රථය මෙම බස් රථයේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවනවාත් සමග එක් බස් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවී අඹ ගසක වැදී තිබේ.

බස් රථ දෙකටම හානි සිදුව ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ 28 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් වාර්තා සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් අද(10) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 කට අදික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුනා. කඳුරුවෙල සිට කොළඹ බලා ධාවන වූ මගී ප්‍රවාහන බස් රථයක් තෝරයාය ප්‍රදේශයේදී නවතා තිබියදී මාඳුරුඔය සිට කොළඹ දෙසට ධාවන වූ තවත් මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුනා. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කන්තාවක් වනවා. විශේෂ ස්තුතිය – Ashinsana Ranga, Bim sara, Shan Wish, Prebath Rajapaksha, Sagara Akalanka, Akalanka Samuditha, Indunil Bandara, Vidu Ranga, Chamara Maduranga, Ashan Bandara, ශනු අබේරත්න, Sanjeewa Rathnayaka, Roshana Saman, sameera Sandaruwan, Malindu dhananjaya, Kasurika Omesh Kirinde Arachchi, ගීත් උදාර #Accident1st

Posted by Accident 1st on Sunday, February 9, 2025

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved