Connect with us

පුවත්

බස් රියදුරන්ට දැනුම්දීමක්

Published

on

බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම ඇතුළු තීරණ රැසක් පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ගෙන ඇත.

එම සාකච්ඡාව සඳහා අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 9යට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන් වල සභාපතිවරු සහභාගී වී තිබුණි.

එහිදී NTC,SLTB සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවල නිලධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව විශේෂ තීරණ රාශියකට එළඹෙණ ලදී.

  • පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.
  • සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.
  • බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.
  • විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.
  • බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.
  • Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම(යම් කාලයක් ලබා දී)
  • මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.
  • බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.
  • නව බස් රථ සඳහා මාර්ග හදුනා ගැනීම.
  • සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට WhatsApp අංක ලබා දීම (NTC, SLTB සහ පළා 9 සඳහා) හා ඒවා බස් රථවල ප්‍රදර්ශනය කිරීම.
  • මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩකටයුතු කඩිනමින් සකසන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා මේම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය නිතර සොයාබලන් ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

පුවත්

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

Published

on

By

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම පිළිබඳව සිය සම්මේලනය බලවත් කම්පනයට පත්වී සිටින බවය.

මෙම ඛේදජනක සිදුවීම නවකවධ ක්‍රියාවලියකට සම්බන්ධ බවට චෝදනා මතුවෙමින් ඇති බවද විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි දැක්වෙන්නේ, “චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.” යනුවෙනි.

මරණයට හේතුව නවකවධ සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍රවලින් තොරවූ පූර්ණ අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් සිය ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටින බවත් එහි දැක්වෙයි.

අදාළ විමර්ශන සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් සඳහන් කරයි.

එම නිවේදනය,

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වරායේ හිරවුණ වාහන නිදහස් කරගන්න අලුත් ගැසට් එකක් ගහලා!

Published

on

By

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා,

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved