Connect with us

පුවත්

බහාලුම් ප්‍රවාහන ගාස්තුත් පහළට

Published

on

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුවද අඩු කිරිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 4 කින් අඩු කිරීමට පියවර ගත් බව බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා,

“රජය මඟින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට කලින් රු 10කින් අඩුකිරීමක් කරලා තිබුණා. ඒ මිල ගණන්වලට සාපේක්ෂව ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තුව 4%කින් පහළ දැමීමට තීරණය කළා. මේ වනවිට රජය මඟින් වැඩකටයුතු කරගෙන යනවා සමස්ත මහජනතාවට සහන සැලසීම සඳහා. ඒ අනුව අපේ විධායක කමිටුව බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළ දැමීමට තීරණය කළා.”

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved