පුවත්

බ්‍රික්ස් සමුළුව අතරදී ෂී – මෝදි හමුවේ (වීඩියෝ)

Published

on

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වුණි.

ඒ, රුසියාවේ කසාන් නුවර පැවැති 16වැනි බ්‍රික්ස් නායක සමුළුව අතරතුරදීය.

මෙහිදී අදහස් දැක්වූ ෂී මහතා පැවසුවේ, චීනය හා ඉන්දියාව අන්‍යෝන්‍ය ජාතික නවීකරණ සංවර්ධනයේ තීරණාත්මක අදියරක සිටින බවයි.

පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන හා සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් දෙකක් ලෙසත්, ගෝලීය දකුණේ වැදගත් රටවල් දෙකක් ලෙසත්, ඉන්දියාව හා චීනය මෙම තීරණාත්මක අදියරේ සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණ හා සහයෝගීතාවන් ශක්තිමත් කොට ගැටළු හා මතභේද නිසි ලෙස විසඳා ගත යුතු බවද ෂී මහතා අවධාරණය කළේය.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියේ ඉන්දු-චීන සබඳතා දෙරටේ ජනතාවට තීරණාත්මක වන අතරම, කලාපීය හා ගෝලීය වශයෙන්ද, සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා ඉතා වැදගත් බව සිය විශ්වාසය බවයි.

දෙපාර්ශවය විසින් විවෘත මනසකින් යුක්තව සාකච්ඡා පවත්වනු ඇතැයි ද මෝදි මහතා තවදුරටත් විශ්වාසය  පළ කළේය.

Trending

Exit mobile version