කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර්, බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ.
බකිංහැම් මාළිගයේ රාජකීය සඳලු තලයේදී එය ප්‍රකාශයට පත් කළේ ය. ඒ චාල්ස් රජු විසිනි.
හිටපු අග්‍රාමාත්‍ය රිෂි සුනක්, බකිංහැම් මාළිගයට පැමිණ, සිය ඉල්ලා අස්වීම චාල්ස් රජුට නිල වශයෙන් භාරදීමෙන් පසු, නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කෙරිණි.
පාර්ලිමේන්තු ආසන 650න් ආසන 326 ක් දිනා ගනිමිනි.
කන්සර්වටිව් පක්ෂය දිනා ඇත්තේ ආසන 412ක් පමණයි.
මැතිවරණයෙන් බලයේ සිටි කොන්සවර්ටිව් පක්ෂය පරාජයට පත් විය. ඒ වසර 14 කට පසුවයි. එය මෙම මැතිවරණයේ සිදුවූ විශේෂ සිදු විම බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මැතිවරණයෙන් කොන්සවර්ටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසා ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
1962 සැප්තැම්බර් 2 වැනිදා සරේ ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ්හිදී කියර් ස්ටාමර් උපත ලැබීය.
‘ලීඩ්ස්’ විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරූ ස්ටාර්මර් දේශපාලනයට පිවිසීමට පෙර සමාජ අසාධාරණය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකි.
අග්‍රමාත්‍ය ටෝනි බ්ලෙයාර්, අමෙරිකාවට සහාය පළ කරමින්, ඉරාකය ආක්‍රමණය කිරීමට සහය දක්වද්දි එය නීති විරෝධී බව පෙන්වා දෙමින් ඊට විරෝධය පළ කළ නීතීඥවරයකු ලෙස ස්ටාර්මර් ප්‍රසිද්ධය.
2014 වසරේ දී බකිංහැම් මාළිගයේදී දෙවැනි එලිසබත් රැජිණ, කියර් ස්ටාර්මර්හට නයිට් පදවියක් ද පිරිනැමූහ.
ඔහු සක්‍රීය දේශපාලනයට පිවිසියේ 2015 වසරේදී යි.
කම්කරු පක්ෂයේ ප්‍රධාන තනතුරු කීපයක් හෙබවීමට ද කියර් ස්ටාමර් සමත් විය.
කම්කරු පක්ෂයේ නායකත්වය දැරූ ජෙරමි කෝර්බින් ඉන් ඉවත් වීමත් සමග පක්ෂ නායකත්වය කියර් ස්ටාර්මර්ට හිමි විය.
ශ්‍රීමත් ස්ටාමර්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇතත්, බ්‍රිතාන්‍යය යළි යුරෝපා සංගමයට එක් නොකරන බව අවධාරණය කර තිබේ.