Connect with us

පුවත්

බාර් පර්මිට් ගත්ත මන්ත්‍රීලාගේ නම් හෙළි කරන්න

Published

on

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.

විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ විනිවිදභාවයේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මෙම අදහස් පල කළේ, කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සුරාසැල් විවෘත කිරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා කියා සිටියේ,

“රට පුරා සුරාසැල් සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් පවතිනවා. මෙම බලපත්‍ර අනුමත කිරීමට නිර්දේශ කළේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දේශපාලනඥයන් ද යන්න මහජනතාව දැනගත යුතුයි. ඉදිරි මැතිවරණයට පෙර මෙය ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. එවිට ඊට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේදී තනතුරුවලින් ඉවත් කළ හැකි වෙනවා. මත්පැන් අලෙවිසල් වැඩිවීම තරුණ පරම්පරාවට අහිතකර බලපෑම් ඇති කරමින් සැලකිය යුතු සමාජ ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. සුරාසැල් ව්‍යාප්ත කිරීමට රහසිගතව පහසුකම් සැලසූ දේශපාලනඥයන් සහ පුද්ගලයන් ජනතාව අතරට ගෙන ආ යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන් මූල්‍ය වාසි තකා මත්පැන් බලපත්‍ර විකුණා ලාභ ලැබූ බවට තොරතුරු පවතිනවා. විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදී තිබෙනවා.

මෙම අතිරික්ත ප්‍රතිලාභ අඩු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික දුෂ්කරතා ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි වරප්‍රසාද භුක්ති විඳීම සුදුසු නැහැ. අනවශ්‍ය ප්‍රතිලාභ අවම කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම තීරණාත්මක බව ප්‍රකාශ කරමින් වරප්‍රසාද අඩු කිරීම සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙනවා. ඉදිරි මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ නාමයෝජනා ලබාදීමේ කටයුතු පිළිබඳ නව තරුණ මුහුණු හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් කාන්තාවන් අපේක්ෂකත්වය සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය වෙනවා”

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved