Connect with us

පුවත්

බාල බෙහෙත් අනුමත කළ ප්‍රසන්න, හරීන්, රමේෂ් හා රොෂාන් අද CIDයට

Published

on

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ.

රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග, හිටපු සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු, හිටපු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ යන සිව්දෙනාට අද (21) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමිනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පුළුල් විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු හිටපු කැබිනට් ඇමැතිවරුන් 18 දෙනකුගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම වෙත මෙම 11 වැනිදා දන්වා සිටියාය.

ඒ අනුව අදාළ ප්‍රශ්න කිරීම් සඳහා ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් ඇමැතිවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

එම හිටපු කැබිනට් ඇමැතිවරුන්ට අද (21) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීම් කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ 8 වැනි සැකකරු වන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලය වෙත සාවද්‍යය තොරතුරු ඉදිරිපත් කරමින් යොමු කළ කැබිනට් පත්‍රිකාවට ඉකුත් 2022 ඔක්තෝබර් 3 වැනිදා අනුමැතිය දීම සම්බන්ධයෙන් විමසීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනා මෙලෙස කැඳවා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved