Connect with us

පුවත්

බැංකුවක කෝටි 2ක රන් භාණ්ඩ අතුරුදන්!

Published

on

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගතවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය

ගනුදෙනුකරුවෙකු රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා බැංකුව වෙත උකස් කර තිබූ රන් භාණ්ඩ තොගයක් බේරා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී රන් භාණ්ඩ අඩංගු ඇසුරුම සේප්පුවේ නොමැති බවට මුලින්ම දැනගැනීමට ලැබී ඇතැයි එම නිලධාරියා සඳහන් කරයි.

මේ පිළිබඳ අදාළ බැංකුවේ කළමනාකරු ප්‍රධාන කාර්යාලයට කරන ලද පැමිණිල්ලක් අනුව එම රාජ්‍ය බැංකුවට අයත් මඩකලපුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂාවේදී එම ගනුදෙනුකරු උකස් තබන ලද රන් භාණ්ඩ තොගයට අමතරව තවත් ගනුදෙනුකරුවන් 12 දෙනෙකුගේ රන් භාණ්ඩ ඇතුළත් ඇසුරුම් අස්ථානගතවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා පැවසීය.

2022 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් මාසය දක්වා රන් සුරැකුම් ණය ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකුව වෙත උකස් තබන ලද රන් භාණ්ඩ එලෙස අස්ථානගතවී ඇති බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

අදාළ රන් භාණ්ඩ තොගය අස්ථානගතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය බැංකුවේ මඩකලපු ප්‍රධාන කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

ගනුදෙනුකරුවන් උකස් තබන ලද රන් භාණ්ඩ තොගය තැන්පත් කර තිබූ සේප්පුවේ යතුරු දෙකක් අදාළ බැංකුවේ නිලධාරීන් දෙදෙනෙකු භාරයේ තිබී ඇතැයි ද පැවසෙයි.

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඩකලපුව බලා යාමට නියමිත බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

(අරුණ)

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved