ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර තිබුණි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
එම රැලියේ සිටි සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.
කෙසේවුවද,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බවයි.
කළකට පෙර ප්‍රසන්න රණතුංග මහතා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටුම සගයෙකු ලෙසයි කටයුතු කරනු ලැබුවේ.