Connect with us

පුවත්

බැසිල් US පුරවැසිභාවයට පයින් ගහයි?; ජනපති සටනට සැරසෙන්නයි මහින්ද ඉල්ලලා

Published

on

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය යන පක්‍ෂ මේ වනවිටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් නොකර සිටීම දේශපාලන වශයෙන් අවාසිදායක බවත් එම ජ්‍යෙෂ්ඨ නායකයන් ඒ මහතාට ‌පෙන්වාදී ඇතැයි දවයින පුවත්පත කියා සිටී.

එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ පරිණත දේශපාලනඥයකු ලෙසත්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉටුකර ඇති කාර්යභාරය සලකා බැලූ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්‍ෂකයා බැසිල් රාජපක්‍ෂ මහතා බව ප්‍රකාශ කළ එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවස්ථා තුනකදී පසුගිය ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් සිට ඇතැයි ද දැක්වේ.

ඒ අවස්ථාව ඔහුගෙන් ගිලිහුණ‌ේ  වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපේක්‍ෂකත්වය ලබාදීම නිසා යැයිද පැවසේ.

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved