Connect with us

පුවත්

බිත්තරේ 30ට රටින් ආවත් බනිස් පරණ ගාණනමයි!

Published

on

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මීට අමතරව බිත්තර ලක්ෂ විස්සක ප්‍රමාණය බේකරි හා කේක් නිෂ්පාදනවලට ප්‍රමාණවත්වන්නේ දින දෙක තුනක කාලයකට පමණක් බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා කියා සිටී.

බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය, විදුලිබිල සහගෑස් මිල ඉහළයෑම නිසා බේකරි කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා දවසක් දෙකක් අඩු මිලට බිත්තර ලබාදුන් පමණින් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර, ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර කල් ඉකුත්වන දිනයක් පිළිබඳ නොදන්නා නිසාත්, එහි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසාත් බොහෝ බේකරි හිමියන් විදේශ රටවලින් ගෙන්වන බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්,මේ අනුව බිත්තරයක්  භාවිතකළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේය.

ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොරවුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි ටික පවා වසා දැමීමට සිදුවන බවත්, මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මූලාශ්‍රය – අද

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved