Connect with us

පුවත්

බිල් නොගෙවීම නිසා ලක්ෂ 8කගේ විදුලිය කපලා

Published

on

විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය දා පැවති මෙම කාරක සභා රැස්වීමේ දී මෙම තොරතුරු පිළිබඳව ඉතා ගැඹුරින් සැලකිල්ලට භාජනය වී ඇති බව සඳහන්ය.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම විදුලිය විසන්ධි කිරීම්වලින් බොහෝමයක් අන්ත දිලිඳු ජනතාවගේ සම්බන්ධතා බවය.

නිශ්චිත තොරතුරු නොමැති එම විදුලිය විසන්ධිකිරීම් හේතුවෙන් ළදරුවාගේ පෝෂණයේ සිට දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු බොහෝ දේ ඔවුන්ට අහිමි වී ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් මොවුන්ට අනාගතයේ භයානක සමාජ තලයක් නිර්මාණය කිරීමට පදනම සපයන කාරණයක් විය හැකි බවට නිරීක්ෂණය වන බව කාරක සභාව පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම මෙන්ම තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා පහසුකම් සැපයීමට මහජන උපයෝගීතා කොමිසමට හා විදුලිබල මණ්ඩලයට පවතින වගකීම ද සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇති පිරිවැය නිරූපිත මිලකරණයට කඩිනමින් විදුලි මිලකරණය පරිවර්ථනය කළ යුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව යෝජනා 05ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශකර ඇති බව සඳහන්ය.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාස 03ක කාලයක් තුළ බෙදී යන අයුරින් විදුලි ගාස්තු පහළ දැමීමට විදුලි බල මණ්ඩලයට නියෝග කිරීම ඉන් එක් කරුණක් වේ.

අන්තද්‍රරිද්‍රතාවයෙන් පසුවන පවුල් ඒකක සඳහා විශේෂ සාධාරණත්ව මිල ක්‍රමයක් හඳුන්වා දීම, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පද්ධතිය ආරක්ෂා වන මිලකරණ ප්‍රතිපත්තියක් අදාළ අංශ හා අමාත්‍යංශ එක්ව කඩිනමින් හඳුන්වා දීම එහි දෙවන හා තුන්වන යෝජනා වන බව සඳහන්ය.

එමෙන්ම මෙම වසරේ ඉදිරි කාලයේ දී මිලකරණය සඳහා විනිවිඳභාවයකින් යුතු පුර්ණ සමාලෝචනයක් සතියක් තුළ ආරම්භ කිරීම එහි තවත් යෝජනාවක් වේ.

(අද දෙරණ)

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved