බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රත්නපුරේ විමල බුද්ධි නොහොත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් හිමිනම ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (09) නියෝග කළේය.
ඒ, සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට මහෙස්ත්‍රාත්වරයා විසින් තීන්දු කරමිනි.
කෙසේ වෙතත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.
සැකකරුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩුව පවරා පවත්වාගෙන යෑමට අදහස් කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ බැංකු ගිණුමට පසුගිය මාස 10 ඇතුළත රුපියල් මිලියන තුනක මුදලක් බැර වී ඇති බවට සඳහන් කළේය.
ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” හිමියන් රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27දා කැඳවන ලෙසත් නියෝග කළේය.
සබැඳි පුවත් :
බුදු දහමට අපහාස කළැයි චීවරධාරියෙකු අත්අඩංගුවට