Connect with us

පුවත්

බෙනරගමලාට අක්ෂිකාච ටෙන්ඩරය දුන්න අයෙක් රිමාන්ඩ්එකේ

Published

on

වෛද්‍ය සැපයීම් අංශය විසින් මේවන විට බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අභ්‍යන්තර අක්ෂිකාච තොගයේ ටෙන්ඩරය ප්‍රධානය කිරීමට අත්සන් කර ඇති තිදෙනාගෙන් අයෙක් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නකු බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මෙසේ මේවන විට අදාළ ටෙන්ඩරය සඳහා අත්සන් කර ඇති තිදෙනාගෙන් අයකු වන අතර ඔහු මේවන විට ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

එම ටෙන්ඩර් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්‍තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති උපුල් අජිත් මෙන්ඩිස් මහතාය, එහි අනේක් සාමාජිකයා වන්න‍ේ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතා ය.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට (P.T.C Holdings (Private) Limited) ප්‍රධානය කර ඇති මෙම අභ්‍යන්තර අක්ෂි කාච ටෙන්ඩරය ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති පිරිවිතරයන් (specifications) හා සාම්පල සැපයුම්කරු සපයා ඇති අභ්‍යනතර අක්ෂිකාච (Intra Occular Lense)  නොගැලපීම හේතුවෙන් ඒවා බාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දීය සමාගමක් වන ඔමිනි ලෙන්ස් පුද්ගලික සමාගම (OMINI LENS (PVT) LTD) විසින් නිෂ්පාදනය කර පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින් වෛද්‍ය සැපයීම් අංශයට සපයන ලද අදාළ අභ්‍යනතර අක්ෂිකාච වල දෘෂ්ටි විෂ්කම්භය ඇතුළු කාරණා හයක (1.) Optic diameter, 2)Overall diameter , 3.) Haptic angulation, 4.) Insertion size, 5.) UVblocking filtration, 6.) Capsular bagplacementand Yag laser compatible) අඩුපාඩු ඇති බව වෛද්‍ය සැපයුම් අංශය විසින් පෙන්වා දී තිබේ.

කෙසේවුවද, අභ්‍යනතර අක්ෂිකාච හිඟයක් පෙන්වමින් අදාළ අක්ෂිකාච තොගය යලි පරීක්ෂණයක් කරන ලෙස වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ නීතිගත සංස්ථාවට ලිඛිත දැනුම් දීමක් මේන විට සිදු කර තිබේ.

මේ අතර, අදාළ ටෙන්ඩරය පිරි නැමීමේදී ද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ලංසු ඇපකරයන් ඉදිරිපත් නොකිරීම ප්‍රධාන ව්‍යතිරේකයක් ලෙස පෙන්වා දෙමින්  ඇඩ්වටෙක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Advitect  International (Pvt) Ltd)  ටෙන්ඩරය ලබාදීම ප්‍රතික්ෂේප කළ ප්‍රසම්පාදන කමිටුව සාම්පල නිසි පරිදි ඉදිරිපත් නොකළ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) වෙත ඩෙන්ඩරය ලබාදීම ද ගැටලුකාරී බව වෛද්‍ය සැපයුම් අංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේම, මීට පෙර අභ්‍යන්තර අක්ෂිකාච ලබා නොගත් අදාළ සැපයුම්කරුට අක්ෂිකාච 80,000 ක ටෙන්ඩරයක් ලබාදීම ද විශ‍ේෂිතය.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.

ගිහාන්, විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ පුත්‍රයාය.

සමස්ථ අක්ෂිකාච තොගයේ වටිනාකම රුපියල් කෝටි 90කට ආසන්න බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන අතර මේ සම්බන්ධ තවත් තොරතුරු අපි ඉදිරියේදී පළකරනු ලැබේ.

සබැඳි පුවත්
ප්‍රමිතියෙන් තොර කාච ගෙන්වූ කොම්පැනියට තවත් කාච හැත්තෑදාහක් ගේන්න ටෙන්ඩර දීලා

ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්! 

පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙතට

Published

on

By

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

Published

on

By

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.

මහවැලි අධිකාරිය සමග සම්බන්ධ වෙලා ඉන්න ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබා ගත්තා ඔවුන්ගේ ගොවි බිමේ විය යුතු වැඩ මොනවාද කියලා. ගොවි සංවිධාන 1,000කින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා ගොවි බිමේ ඇල වේලී ඉදි කිරීම්, කෘෂි මාර්ග ඉදි කිරීම් සහ වෙනත් ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙන වැඩ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු දැන් සකස් කෙරෙමින් පවතිනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන 1,000කට උපරිමය මිලියනය බැගින් මිලියන 1,000ක් වෙන් කරන්න.

මේකේ විශේෂත්වය තමයි මේක කරන්නේ ගොවි සංවිධානවලින් ඒ මුදල් ගොවි සංවිධාන වෙත ප්‍රදානය කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කටයුතු ඉවර වුණාට පස්සේ මැයි 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ලබා දෙන්න. ගොවිබිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදුවෙනවා”

Continue Reading

පුවත්

ලංගම හිටපු උප සභාපතිට ඇප (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

සැකකරුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.


(පෙර පුවත 2025 අප්‍රේල් 29 ප.ව.2.24 )

ලංගමයේ හිටපු උප සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved