Connect with us

පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය; මහ මොළකරු IP කෙනෙක්

Published

on

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ.

මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු රටින් පලා ගොස් ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇති අතර ඔහු නාවික හමුදාවෙන් පැනගිය ගම්පහ අයෙකි. මෙසේ රටින් පලා ගොස් ඇත්තේ යැයි කියවෙන්නේ පංච පුද්ගල ඝාතනයෙන් පසු කඹුරුපිටිය නගරයෙන් ජීප් රථයෙන් බැස මාතර බලා ගමන් කරන බස් රථයකින් පලා ගිය පුද්ගලයාය.

ඔහු රටින් පලා ගොස් ඇතැයි පැවසෙන්නේ ගුවන්තොටුපල හරහා එම වෙඩි ප්‍රහාරයෙන් සතියකට පමණ පසුව යැයිද විමර්ශන තොරතුරු අනාවරණය කළේය.

දැනට මෙරට රැඳී සිටින බවට විශ්වාස කරන දෙවැනි වෙඩික්කරු වන වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයා කොස්ගොඩ සුජී සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයා මෙම පස් පුද්ගල ඝාතනයේ මෙරට සිටින මහ මොළකරු ලෙස විමර්ශන කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු මෙම හිටපු පොලිස් පරීක්ෂකවරයා බව විමර්ශන නිලධාරීන්ගේ මතය වී තිබේ. මෙම පුද්ගලයා ප්‍රහාරයට ගමන් ගත් ජිප් රථයද පදවා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ආරක්ෂක කැමරා දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් මෙම වෙඩික්කරුව හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

1983 උපත ලද මොහු නමින් රන්මුණි මහේෂ් හේමන්ත ද සිල්වාය. මෙම පුද්ගලයා ඌරගස්මන්හන්දිය පුවක්ගහවත්ත, මාකන්දන, ප්‍රදේශයේ පදිංචිකරුවකු බව උසස් පොලිස් නිලධාරික් සඳහන් කළේය.

මෙම පුද්ගලයා පොලිස් සේවයට බැඳී ඇත්තේ 2007 වර්ෂයේ දීය. ඒ උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙසිණි.

කොස්ගොඩ සුජී සහ ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් වන ඌරගහ මයිකල් නමැත්තන් සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති මිනිස් ඝාතන වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසකට ආධාර හා අනුබල දුන් අයෙක් ලෙසද මෙම පුද්ගලයාව හඳුනාගෙන තිබේ. වැඩ තහනමකට ලක්ව ඇත්තේ එම අපරාධකරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධවල නිරත වූ අයෙක් වූ බැවිනි.

මෙම පුද්ගලයා මෑතකදී ඔහු සමඟ පොලිස් සේවයේ සිට සමකාලීන නිලධාරියකු මුණගැසී මානසික පීඩනයකින් සිටින බව සඳහන් කරමින් එම නිලධාරියා නවාතැන් ගෙන සිටින කොළඹ පිහිටි පොලිස් නිල නිවසකද රැඳී සිට ඇති බව අනාවරණය වී තිබේ. එම නිලධාරියා රථවාහන අංශයක ස්ථානාධිපතිවරයෙකි. මෙම සැකකරු කොළඹ එම නිලධාරියාගේ නිල නිවසේ නවාතැන් ගෙන සිට ඇති බව අනාවරණය වී ඇත්තේ දුරකථන ජාල විශ්ලේෂණයකදී එම නිලධාරියාගේ දුරකථනය හා ඔහුගේ දුරකථනය සම්බන්ධ වී ඇති බව හෙළිවීමෙන් පසු ඒ ගැන අදාළ නිලධාරියාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය.

මේ අතර ⁣පොලීසිය ඊයේ මාධ්‍යට ඡායාරූපයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ආන්දෝලනාත්මක ඝාතන විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට මහජන සහාය අපේක්ෂා කරන බවය.

ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් තොරතුරු ලබාදීමට කොල්ලුපිටිය පොලිසියේ නිලධාරියකුට අයත් ජංගම දුරකථන තුනක්ද ප්‍රසිද්ධ කර තිබුණි.

එම දුරකථන අංක වන්නේ 0742 226 022 /0718 591 492 /0718 594 455 වේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved