Connect with us

පුවත්

බොරැල්ලේ කෝවිද හිමියෝ අපවත් වෙති

Published

on

විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ.

අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික කලක් අසනීපයෙන්  වැල්ලම්පිටිය භික්ෂු ගිලන් රෝහලේ වැඩ සිටියහ.

ආදාහන පූජෝත්සවය පිළිබඳ කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

පුවත්

ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

Published

on

By

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.

මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි. 

Continue Reading

පුවත්

‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ

Published

on

By

පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

එහි පළමු අදියර ජූලි 14දා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා කියා සිටියි.

“සියලුම දිස්ත්‍රික්කවල අපි තීන්දු කරලා තියෙනවා දැන් පොල් දෙසතිය කියලා තීන්දු කරලා ක්ෂණික වැඩිපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජූලි 14 වන දා ඒක ක්‍රියාත්මක කරනවා. යාපනයෙන් අපි පටන් ගන්නවා. විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කරලා හෝදලා දානවා. මේක ලොකු වැඩක්. නමුත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය සහ යන්ත්‍ර සූත්‍ර අපි දැන් සුදානම් කරගෙන ඉන්නවා,” යැයි ඔහු පවසයි.

Continue Reading

පුවත්

අක්මීමන වෙඩිතැබීමක්

Published

on

By

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (23) අලුයම 5ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර, ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ.

අදාළ සේවකයා විසින් මීට පෙර ඔහුට දුරකථන ඇමතුම් ඔස්සේද තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව, එම පුද්ගලයා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලීසිය සැකපළ කරයි.

ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved