Connect with us

පුවත්

බොරැල්ලේ රන් කොල්ලයට කබර සුරේෂ් හා බබා අල්ලයි

Published

on

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ලේ පිහිටි නිවසක් තුළ මෙම සොරකම සිදුවී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකි.

සැකකරුවන් සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද වන බව පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22යි ග්‍රෑම් 22ක රන් ගුලියක්, කැරට් 18යි ග්‍රෑම් 15ක රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50හේ මුදල් නෝට්ටු 17ක්, 100 ඩොලර් නෝට්ටු 05ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් වසරේ දෙසැම්බර් 10 වනදා ‘කබර සුරේෂ්’ නමැති සැකකරු බොරැල්ල කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ  එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නමැති කාන්තාවට ලබාදී ඇති අතර සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම, ඒකල, කැලණිය හා පිටකොටුව ප්‍රදේශවලට උකස් කර තිබූ බවත් විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ‘ගයිඩ්’ නමැති පුද්ගලයායෙකුට ලබාදී මාරු කරගෙන තිබූ බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර සහ මධුරංග යන නිලධාරීන්ට ලද තොරතුරු අනුව කිරුළපන සහ කොළඹ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි ‘කබර සුරේෂ්’ නමැත්තා සොරකම් ගණනාවකට සම්බන්ධව වසර 10ක් සිරගතව සිට ඉකුත් අගෝස්තු මස 22 වනදා ඇප මත පැමිණ ඇති අතර දෙසැම්බර් 10 වනදා කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ  දේපළ සොරාගෙන තිබූ බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

දෙසැම්බර් 15 වනදා සැකකරු හෙරොයින් මත්කුඩු සමග වත්තලදී පොලිස් අත්අඩංගුවට පත්වී තිබුණත් ව්‍යාජ නමක් ලබාදීම හේතුවෙන් පෙර වැරදි සම්බන්ධයෙන් තොරතුරු  අනාවරණය වී නොමැත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 42, 46 හා 53 අතර පසුවන්නන් ය.

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved