Connect with us

පුවත්

භාෂණයේ නිදහසට බාධා වන නියෝග නිකුත් කරන්නේ නැහැ – කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

Published

on

එක් එක් අයගේ හිතළු මත භාෂණයේ නිදහසට බාධා වන අධිකරණ නියෝග නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30) අවධාරණය කළේය.

උද්ඝෝෂණයකදී හෝ විරෝධතා පාගමනකදී මහජන පීඩාවක් ඇතිවේ යැයි අනුමාන කරමින් ඒවා වළක්වන ලෙසට පොලිසිය කරන ඉල්ලීම්වලට අධිකරණ නියෝග නිකුත් නොකරන බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී අවාධාරණය කළේය. 

සමගි ජන බලවේගය විසින් ඊයේ පවත්වන ලද උද්ඝෝෂණය හා විරෝධතා පාගමන වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය. 

මෙහි වගඋත්තරකරුවන් ලෙස සමගි බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, එම්. මරික්කාර්, කබීර් හෂීම්, හර්ෂණ රාජකරුණා, සරත් ෆොන්සේකා, ජේ.සී. අලවතුවල, තිස්ස අත්තනායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සමගි සේවක සංගමයේ සභාපති අශෝක අබේසිංහ, සමගි විහිදුම් බළගණයේ සභාපති හේෂා විතානගේ, සමගි තරුණ බළගණයේ සභාපති කාවින්ද ජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුජීව සේනසිංහ, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත නම් කර තිබුණි.

(අරුණ)

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved