Connect with us

පුවත්

භෝග ගානියට වන්දි ලැබෙන හැටි

Published

on

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ, වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවය.

ඒ අනුව අක්කරයක් සඳහා රු 40,000ක උපරීමයකට යටත්ව එම වන්දිය ලබාදීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රට තුළ අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව වගා හානි පිළිබඳ දත්ත රැස්කර, එම වන්දි ගෙවීම සිදුකරන බව ද ඔහු කියා සිටියේය.

එසේම විනාශ වී ඇති, පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉහත දැක්වූ භෝග ඇරුණු කොට උඩරට හා පහතරට එළවළු ගොවීන්ට හා පලතුරු ගොවීන්ටත් විශාල වශයෙන් හානි සිදුව ඇතැයි පැවසු නාමල් කරුණාරත්න මහතා, ඔවුන්ටත් යම් සහනයක් ලබාදීමට නියමිත බව ද කියා සිටියේය.

(අද දෙරණ)

පුවත්

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළාය.

එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නාය.

ඒ අනුව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහසේත්‍රාත්වරිය කළ නියෝගයට අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (21) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන්කර තිබෙන්නේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීම වෙනුවෙනි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading

පුවත්

ලංවිම පෞද්ගලීකරණය වගන්තිය ඉවත් කරයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති මෙහිදී ඉවත් කර ඇත.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved