Connect with us

පුවත්

මගේ කැබිනට්ටුව විසිපහයි

Published

on

පවුලෙන් පවුලට පරම්පරාවෙන් පරම්පරාවට නෑ හිත මිතුරන්ට රටේ ඉහළ තනතුරු ලබා දෙමින් මෙතෙක් සිදුකරගෙන ගිය රාජ්‍ය පාලනයත් ගජ මිතුරන්ට සැලකීමත් වෙනුවට රට හදන ජනතාව නගා සිටුවන පාලනයක් සැප්තැම්බර් 21 දිනෙන් පසුව ආරම්භ වන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ කිරිඳිවැල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි.

ජනතාව දුප්පත්කමෙන් බේරාගෙන ජනතාව බලා ගන්න ආණ්ඩුවක් මේ රටේ ආරම්භ වන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා පැවසුවේ,

මේ රටේ වත්මන් පාලකයෙන් රටේ දරු පරම්පරාව ගැන හිතුවේ නැහැ. ඔවුන්ගේ දරුවන් ගැන විතරයි හිතුවේ. අපි රටේ සියලුම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.ෙරට පෝසත් කරන දරුවන්ගේ අනාගතය පෝෂණය කරන ආණ්ඩුවක් තමයි අපි පිහිටුවන්නේ ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරුන් නැහැ. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු විෂය පිළිබඳ දැනුම තියෙන දක්ෂතාවය ඇති අවංක අයට ලබා දෙනවා.රටට විශාල ආදායමක් ඉපැයීය හැකි සංචාරක ව්‍යාපාරය දියුණු වී නැහැ. රටට හොඳ නමක් තියෙනවා නම් සංචාරකයින් එනවා. රටේ නායකයන් අධිකරණයේදී වැරදියි කියලා කියනකොට වැරදි මතයක් ජාත්‍යන්තරයට යනවා. ජනාධිපතිවරු දඩ කනවා රටේ කීර්තිය නැතිවෙනවාමේ රටට ණය දෙන්නේ නෑ. ලංකාවේ ඒවා විකුණනවා ලාභ උපයනවා.බඩු පිටරටින් ගෙනල්ලා විකුණන තරමට තමා ඇමතිවරයාට ලාභ ලැබෙන්නේ.ලබන විසි එකදායින් පසුව පිහිටුවන අලුත් රජයක් යටතේ නව ආර්ථික පරිවර්තනයකට රට ගෙන යනවා. සියලු දෙනා එකට එක්වී වැඩ කළොත් එම කාර්යය අමාරු වෙන්නේ නැහැ.මේ රටට විශාල ආදායමක් උපයාගත හැකි සංචාරක ව්‍යාපාරය මේ වන විට අඩාල වෙලා අපේ සංචාරක කර්මාන්ත සැලැස්ම අපි 26 දින ඉදිරිපත් කළා. 2030 වෙනකොට ලක්ෂ හතලිහක සංචාරකයන්ගේ එන සැලසුම් හදා තිබෙනවා.රටේ ආර්ථිකයට ඩොලර් බිලියන අටක් නවයක් ඉපයීමට එමඟින් හැකි වෙනවා…………

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved