Connect with us

පුවත්

මත්ද්‍රව්‍ය තොගයක් අද පාලවියේදී විනාශ කෙරේ

Published

on

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු වේ.

පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පිහිටි  INSEE සිමෙන්ති සමාගමට අයත් දහන උඳුනක දී ඒවා විනාශ කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

ඒ අනුව අද උදැසන 7ට මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලීසිය විසින් භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම, පාලවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවය පොලීසිය පැවසුවේය.

එම මත්ද්‍රව්‍ය තොගයේ එක් කොටසක් 2021.12.15 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතිකයින් 6 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුව ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996 කි.

අනෙක් කොටස 2022.04.19 වනදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදුකරන ලද වැටලීමකදී විදෙස් ජාතික සැකකරුවයන් 07 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් කිලෝ 243 ග්‍රෑම් 052 ක් බව සඳහන් වේ.

මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලීසිය දෛනිකව මෙහෙයුම් සිදුකරනු ලබයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved