Connect with us

පුවත්

මත්පැන් නිෂ්පාදනය තහනම් කළ ෆින්ලන්ඩ් ඩිස්ටලරිස්ට නැවත බලපත්‍රය දීලා

Published

on

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදනය බලපත්‍රය තහනම්කර තිබූ ෆින්ලන්ඩ් ඩිස්ටලරිස්  සමාගමට නැවත එම බලපත්‍රය ලබාදී තිබේ.

ඒ අදාළ සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවීමට තිබූ හිඟ බදු මුදල ගෙවා දැමීමට කටයුතු කිරීම නිසාය.

කෙසේවුවද, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදනය තහනම් කරන ලද සමාගම් පහෙන් හිඟ බදුගෙවා අදාළ බලපත්‍රය මෙතෙක් ලබාගෙන ඇත්තේ ෆින්ලන්ඩ් ඩිස්ටලරිස්  සමාගම පමණි.

බදු නොගෙවීම නිසා මත්පැන් බලපත්‍ර තහනම් කළ සෙසු සමාගම්වනුයේ  මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලටය.

ඒවාට පනවා ඇති මත්පැන් නිෂ්පාදන තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

පුවත්

ගජමුතු ජාවාරමක් හෙළිවේ

Published

on

By

ගජමුතු 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය නගරය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) පස්වරුවේ දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

සැකකරුවන් විසින් මෙම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට විකිණීමට සුදානම් කර තිබී ඇත.

ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 05 ක් පමන වූ ගජමුතු 07 ක් සැකකරුවන් සන්තකයේ තිබී හමු වු බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 හා 33 වයස්වල පසුවන මාතලේ හා මහවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

එජාප හා සජබ එක්වීමේ පළමු සාකච්ඡාව අද

Published

on

By

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිතය.

අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.

දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීලාට අලුත් වාහන ලැබෙනවා – මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක

Published

on

By

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් අලුත් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා ( 18 ) එක් වෙමිනි.

“ අපි බලාපොරොත්තු වෙනවා හැම මන්ත්‍රීවරයකුටම වාහනයක් ලැබෙයි කියලා. මෙතෙක් මන්ත්‍රීවරුන්ට එහෙම වාහනයක් ලැබිලා නැහැ. ඇමැතිවරයකුට හරි මන්ත්‍රීවරයකුට හරි තමන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් ඕනේ වෙනවා . අපට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ . මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවකට ඇවිත් තියෙන්නේ. ඒක ඩබල් කැබ් එකක්ද වෙන එකක්ද කියලා තාම දන්නේ නැහැ. කොහොම වුණත් අලුත් වාහන ඉදිරි මාස කිහිපය තුළ ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. මොකද තියෙන වාහන බොහොම නරක විදිහට අවභාවිත කරලා. පාවිච්චි කරන්න බැහැ” යනුවෙන් ද මන්ත්‍රීවරයා කීවේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved