Connect with us

පුවත්

මත්පැන් මිල ගැන තීරණයක්

Published

on

මේ වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පසුගියදා (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එමෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය සේවකයින් අභිප්‍රේරණයෙන් යුතුව ඉදිරියේ දී ක්‍රියාකරනු ඇති බවට අපේක්ෂා කරන බවය.

නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු එහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිල් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා :

“මේ වතාවේ මිල වැඩිවීමක් සිදුවන්නේ නෑ. ජනවාරි මාසේ 7 වනදා ඒ වැඩි වීම වුණා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දාලා තියෙන්නේ. වෙනත් වැඩි වීමෙක් මේ වතාවේ වෙන්නේ නෑ.” මේ වසරේ සිට රාජ්‍ය සේවයේ වැඩි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. එකෙන් ඵලදායි රාජ්‍ය සේවයක් එතුමා බලපොරොත්තු වෙනවා. වැටුප් වැඩි කිරීමෙන් සේවක තෘප්තිය වැඩි වෙලා අභිප්‍රේරණයෙන් යුතුව රාජකාරි කරන්න එය අපට පිටුවහලක් වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මේ රටේ තියන නීති විරෝධ මත්පැන් සියල්ල මර්ධනය කරන්නත් රජයේ ආදායම වැඩි කරන්න පුළුවන් විදියට රජයේ අනුමත මත්පැන් සහ දුම්වැටි වෙළදාමෙන් අපට ආදායම ලබා ගැන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved