Connect with us

පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා හොයන්න කමිටුවක්! 

Published

on

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා හොයන්න කමිටුවක්! 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පස්වරුවේ (07) රැස් විය.

උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවය පළවී තිබිණි.

එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී විශේෂයෙන් පාලක සභාවේ  209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳව මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමටද කමිටු සාමාජිකත්වය එකඟ වී තිබිණි.

ඒ අනුව අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කොට ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බව සහ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. අත්සන් කළ 07 දෙනා විසින් මෙම රැස්වීමේ අත්සන් නාමලේඛණයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ  විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බවද පෙන්වා දුන්නේය. 

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා විසින් එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.  

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා විසින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පහත නිර්දේශ ලබා දෙන ලදී.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 – 2019 කාලය පිලිබඳ විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන කරුණු විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම.

උක්ත විශේෂ විගණන වාර්තාවෙන් මතු කරන ලද කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලදැයි කෝප් කමිටුව වෙත වාර්තා කරන ලද එක් පුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුව විසුරුවා හැරීම.

උක්ත 209 වැනි රැස්වීමේ අත්සන් නාම ලේඛණයේ වලංගුභාවය පරික්ෂා කිරීම සඳහා එම නාම ලේඛණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරිම.

විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ වල ප්‍රගතිය පිරික්සීම සඳහා නැවත කමිටුව වෙත කැඳවීම.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය විමර්ශනය පිණිස පත් කිරීමට යෝජිත නව කමිටුවේ වාර්තාව මාස 03ක් ඇතුලත  කෝප් කමිටුව වෙත ලැබිමට සැලැස්වීම.

මෙයට අමතරව කෝප් කමිටුවේ ඉදිරි සැලසුම් පිළිබඳව කමිටු සාමාජිකත්වයේ අවධානය යොමුවූ අතර එහිදී ප්‍රමුඛතාවය ලබා දියයුතු ආයතන පිළිබඳ අවධානය යොමුවිය. මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ දැනටමත් විගණකාධිපතිවරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා කොට ඇති බවයි. ඒ අනුව පොකුරු කමිටු ක්‍රමයක් ඔස්සේ අනු කමිටු මගින් විමර්ශන සිදු කිරිමටත් අත්‍යාවශ්‍ය සහ කාලීන වැදගත් කමක් සහිත ආයතන පමණක් ප්‍රධාන කමිටුව වෙත කැඳවීමේ ක්‍රමයක්ද සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.  

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved