Connect with us

පුවත්

මනම්පිටිය බස් රියදුරා අත්අඩංගුවට (Update)

Published

on

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් බස්රථයක් ඔයට පෙරළී සිදුවු අනතුරට බස්රථ රියදුරා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සැක පළ කරන්නේ, අධික වේගයෙන් ධාවනය කර ඇති බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට පත් වන්නට ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අදාළ බස්රථ රියදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවය.

කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්පැන් පානය කර නොසිටි බවත් වෙනත් විෂ මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටියේ ද යන්න සොයා මේ වනවිට පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

———————————–

(පෙර පුවත : 2023 ජුලි 10 ප.ව. 12:09)

මනම්පිටිය අනතුරෙන් මරණ ගණන ඉහළට ; බස් රථයට අවසර පත්‍රයක් නෑ!

ඊයේ රාත්‍රියේ බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමෙන් ගඟට පෙරළීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් මියගිය ගණන 11 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පොළොන්නරුව සිට කාත්තන්කුඩි බලා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණි.

මෙම අනතුරෙන් තවත් 40 ක් රෝහල් ගත කර තිබේ.

බස් රථයට අවසර පත්‍රයක් නෑ!
මේ අතර වාර්තා වන්නේ අනතුරට ලක්වූ බස්රථයට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසා ඇත්තේ සේ වුවත් පළාත් අධිකාරියකින් යම් බලපත්‍රයක් ලබා දී ඇත්දැයි මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

අවිධිමත්ව ධාවනය වන බස්රථ සඳහා විශාල දඩ මුදලක් නියම කිරීම සඳහා මේ වනවිට නීති සකස් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

“අපිට තොරතුරු ලැබුණාහම ජංගම පරීක්ෂණ කණ්ඩායම් යොදවලා පරීක්ෂා කරනවා. මෙම කණ්ඩායම් යෙදෙන දවස්වලට සමහර වෙලාවට මෙම බස්රථ ධාවනය කරන්නෙත් නෑ. එවැනි බස් ගැන තොරතුරු ලබාගෙන ඒවා උසාවියට ඉදිරිපත් කරලා දඬුවම් දුන්න අවස්ථාත් තියෙනවා. ඊට අමතරව තමා මෙයාලා මේ කිසිම අවසරයක් නැතුව ධාවනය කරලා තියෙන්නේ.”

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved