Connect with us

පුවත්

මන්ත්‍රීලාට නවතින්න දුන්න නිල නිවාස හිතවතුන්ට හා හිතවතියන්ට දීලා

Published

on

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ බාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි  “ලංකාදීප” පුවත්පත වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් ආරක්ෂක නිලධාරීන්, හිතවතුන්, හිතවතියන්  මෙන්ම  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පනහකට ආසන්න පිරිසක්  මෙම  නිල නිවාසවල සිටින බව දැනගන්නට ඇත.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලබා දෙනුයේ කොළඹින් පිට ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් වන අතර  රජය මෙම නිවාස නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වැය කරයි.

එම නිවාස පිටස්තර අයට නොදෙන ලෙසට කොපමණ දැනුම්දීම් කළත් එලෙස ලබාදීම දිගින් දිගටම සිදුවන බව පවසන එම ආරංචි මාර්ග මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මත සිදුවන හෙයින් එවැනි  පිටස්තර  පිරිස් ඉවත් කිරීම ගැටලු සහගතවී ඇතැයිද  සඳහන් කළේය.

මේ අතර එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය පවත්වාගෙන යෑමේ වියදම්ද දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි වාර්තාවේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ යම් යම් සිද්ධීන් පසුගිය කාලයේදී වාර්තා වී තිබූ අතර ඒවාට සම්බන්ධ වී තිබුණේද මන්ත්‍රීවරුන් නොවන පිටස්තර අය බව දැනගන්නට ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved