Connect with us

පුවත්

මන්ත්‍රීලා මාදිවෙල ඉන්නේ රුපියල් දහට කුළියට ගත් දෙමහල් නිවාසවල

Published

on

මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ රුපියල් දහසක් වන මාසික නිවාස කුලී ගාස්තුව වසර විස්සකින් පමණ සංශෝධනය කර නැතැයි වාර්තා වේ.

වසර 1994 වසරේ දී ඉදි කළ මෙම නිවාසයක රුපියල් පන්සියයක්ව පැවැති කුලිය ඉවත්කර වසර දහයකට පසු රුපියල් දහස දක්වා වැඩි කර තිබෙන අතර එම වසරේ සිට මේ දක්වා ද අය කෙරෙන්නේ එම කුලියම බව පැවසේ.

එමෙන්ම මන්ත්‍රි ධුරය අහෝසි වීමෙන් පසු ඉන් ඉවත් නොවන මන්ත්‍රිවරුන්ගෙන් අය කෙරෙන දෛනික දඩය ද රුපියල් පන්සියයක් තරම් අවම මට්ටමක පවතින බවද වාර්තා වේ.

මෙම කුලී ගාස්තු සහ දඩ මුදල් වැඩි කළ යුතු බවට පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට වරින් වර ඉදිරිපත් කෙරෙන යෝජනා මේ දක්වා අනුමත කර නොමැත.

මන්ත්‍රිවරුන්ගෙන් එතරම් අවම මුදලක් අය කළද නිවාස සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ඉහළ පිරිවැයක් දරණ බවද පැවසේ.

කාමර තුනකින් යුත් මෙම නිවාසයක් මහල් දෙකකින් සමන්විතය.

මෙහි නිවාස එකසිය විස්සක් පවතින අතර ඉන් මන්ත්‍රිවරුන් සඳහා නිවාස එකසිය එකොළහක් වෙන් කර තිබේ.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved