Connect with us

පුවත්

මන්ත්‍රීවරියන්ගේ සංසදය අද පාට වෙනස් කරයි (ඡායා)

Published

on

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV)  එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටියහ.

ඒහිදී “කාන්තා හිංසනය පිටුකින්නට අපි එක්වෙමු” යන වැකිය සහිත අත් පළඳනාවක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පළඳවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් විසිනි. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද සහභාගී විය. මෙහිදී ජනාධිපතිවරයා දන්වා සිටියේ කාන්තා පනත කෙටුම්පතක් කිරීම ඉතා ඉක්මනින් අවසන් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

මෑතකදී පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පරිශීලනය කිරීම සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් පරිත්‍යාග කරන ලද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට සහ සමාජ අන්තර්ගතකරණයට අදාළ ප්‍රකාශනවල විස්තර ඇතුළත් පත්‍රිකාවක්ද ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී.

“කාන්තා හිංසනය පිටුදකින්නට අපි එක්වෙමු” වැකිය සහිත අත් පළඳනාව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාට, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට, විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාට පැළඳවීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශය පිළිබඳ පත්‍රිකා පිරිනැමීම ඉන් අනතුරුව සිදු කෙරිණි.

අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් “එක්සත් වන්න! කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ ක්‍රියාකාරීත්වය” නම් 2022 වසරේ ගෝලීය තේමාව පිළිබඳව මෙන්ම ස්ත්‍රී -පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට සියළුදෙනාගේ එකමුතුකම අත්‍යාවශ්‍යය සාධකයක් බවත් ඊට එරෙහිව කටයුතු කිරීම සඳහා රජයන්, සංවර්ධන හවුල්කරුවන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, තරුණයින්, මාධ්‍ය සහ අනෙකුත් සියලූම පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලැබිය යුතු බවත් අවධාරණය කරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය ක්‍රියාකාරීත්වය (GBV) වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගිය 25 වැනිදා සිට සමාජය දැනුවත් කිරීමේ විවිධ ක්‍රියාකාරකම් වල නිරත විය. ඒ  අනුව නොවැම්බර් 28 සහ 29 යන දිනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයන් වලට එරෙහිව සටන් කිරීම පිළිබඳ විද්වත් සාකච්ඡා දෙකක් පැවැත්විණි.

කාන්තා හිංසනයට එරෙහිව මාධ්‍ය ඔස්සේ සටන් කිරීම (VAW) මැයෙන් මාධ්‍යවේදීන් සමඟ දැනුම බෙදාගැනීමේ සැසියක් එළඹෙන දෙසැම්බර් 06 වැනිදා පැවැතිවීමට නියමිතව තිබේ.

එහිදී මාධ්‍ය වාර්තාකරණයේදී  ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි වීම පිළිබඳ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන් අතර ඒ පිළිබඳ කථිකාවක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනතාව දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් උක්ත වැඩසටහන් මාලාව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය, සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන් සංවිධානය කරන ලද අතර ඒ සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය (NDI)  විසින් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදී.

පුවත්

බෝරා සමුළුවට උපරිම සහය දෙන්නැයි නිලධාරීන්ට උපදෙස්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ, ගෝලීය බෝරා සමුළුව සහ ප්‍රදර්ශනය පිළිබඳ  ජනාධිපති කාර්යාලයේදී අද (12) පැවති සාකච්ඡාවේදීය.

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමීව ජූනි මස 27 වන දා සිට ජූලි 05 වන දා දක්වා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ සහභාගීත්වයෙන් බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සමුළුව හා ප්‍රදර්ශනය  පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් පහළොස් දහසක් පමණ මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු  සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ‍යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවේ ආගමික නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බලපෑමට ලක් වූ කුඩා – මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවදුරටත් සහන දෙන්න – මහබැංකුව

Published

on

By

පසුගිය කාලය තුළ අහිතකර ලෙස බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, 2025.03.31 වන විට අදාළ බැංකු සමඟ ව්‍යාපාර යළි පණ ගැන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කළ කුඩා හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙණුකරුවන්හට තවදුරටත් සහන ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) වෙත උපදෙස් ලබා දී ඇත. 

මෙම සහන, බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කළ 2024.12.19 දිනැති 2024 අංක 04 දරන චක්‍රලේඛයට සහ එකී චක්‍රලේඛය සඳහා වූ 2025.01.01 දිනැති අතිරේකයට අනුකුල වේ.

Continue Reading

පුවත්

පාසල් ගොඩනැගිල්ලකට අත්තක් වැටී සිසුවෙක් මරුට

Published

on

By

අද (12) දහවල් බලංගොඩ ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව වාර්තා වෙයි.

අනතුරෙන් තුවාල ලැබූ තවත් 16 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved