Connect with us

පුවත්

මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක්

Published

on

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50.00 ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී අද (06) සිදු විය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු වූ අතර මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු සහභාගී වුහ. 

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

පුවත්

සඳමාලි සීනි සමාගමට, දුඹුරු සීනි අප්‍රේල් 02 තෙක් පැටවීම නවතියි

Published

on

By

ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර තිබේ. 

මීට පෙර එම තනතුරේ නටයුතු කළ රුක්ෂාන් ගුණතිලක මහතා ඉන් ඉවත්වීමෙන් පසුව මේ පත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර තිබේ.

එලෙස පත් වූ නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.

මේ අතර පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කිරීම හේතුවෙන් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවට ගැණුම්කරුවන්ට දැනුම් දී තිබේ. 

නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.

Continue Reading

පුවත්

අධිකරණ නියෝගය නොතකා විරෝධතා දැක්වූ 27ක් අත්අඩංගුවට

Published

on

By

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.

එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.

Continue Reading

පුවත්

ප්‍රදේශ රැසකට අද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved