Connect with us

පුවත්

මන්ත්‍රී අමරකීර්තිගේ ඝාතකයකු පිළිකාවකින් මරුට!

Published

on

පොළොන්නරුව දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් වසරේ මැයි නව වැනිදා පහරදී ඝාතනය කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු යුධ හමුදා සෙබළකු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි හෙන්දාවිතාරණ නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළෙක් මෙසේ මියගොස් ඇත.

රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු සෙබළා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි බව පොලිසිය සඳහන් කරයි .

ඔහුට වැළඳී තිබූ බව කියන පිළිකා රෝගයක් හේතුවෙන් මහර බන්ධනාගාරයේ බලධාරීන්ගේ  ආරක්ෂාව යටතේ මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.

අමරකීර්ති මහතා ඉතා අමානුෂික ආකාරයට ඝාතනය ඛළ බවට මීට පෙර සමාජ මාධ්‍යයේ කතා බහට ලක්ව තිබිණි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ගමන්ගත් වාහනයේ සිට නිට්ටඹුව නගරයේදී එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් කල්එළිය හාපිටිගම පදිංචිව සිටි හර්ෂ නදීෂාන් නැමැති තරුණයකුද ඝාතනයට ලක්විය.

පුවත්

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් තුනකගේ වැඩ තහනම්

Published

on

By

අඟුණකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිය නොමැතිව පිටතට ගත් සිරකරුවන් සිවු දෙනෙක් පැනගිය සිද්ධියකට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පැනගිය 3 දෙනෙකු යලි නිලධාරීන් භාරයට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Continue Reading

පුවත්

චිත්‍රපට රූගතකිරීමක් නිසා උඩරට කෝච්චි මගින් නවතියි

Published

on

By

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට (09) සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා නිවේදනය කරයි.

ඇල්ල දුම්රිය  ස්ථානයෙන් සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රියන් සඳහා එම දුම්රිය ස්ථානයන්හි සිට බදුල්ල දක්වා ඉදිරි දුම්රිය ස්ථාන වලට ගමන් කිරීමට බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇතිවන සංචාරක ආකර්ෂණය පිළිබඳ සලකා බලා  රූගත කිරීමට අවසර ලබා දී ඇතැයිද අදාල නිවේදනයේ දැක්වේ.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

Published

on

By

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved