Connect with us

පුවත්

මන්ත්‍රී සබ්රි පුත්තලමේ ඉඩක් බලෙන් අල්ලගෙන!

Published

on

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත්  රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති බව වාර්තාවෙයි.

අදලා ඉඩම පුත්තලම නගරයෙ ටෙලිකොම් ආයතනයට යාබදව හා පැරණි අශෝකා සිනමා හලට මැදිව පිහිටි පර්චස් 25 කට ආසන්න ඉඩමක් බව කියයි.

මෙම ඉඩම පසුගිය දිනක මන්ත්‍රිවරයා විසින් මෙලෙස ඔහුගේ බලතල අනිසි ලෙස භාවිතා කරමින් අත්පත් කර ගෙන ඇති බව කියයි.

අදාල ඉඩම දැනට පුත්තලම නගරයෙ වානිජ වටිනාකමකින් ඉහලම මිලක් ඇති අදාල ස්ථානයක් බවත් එය මන්ත්‍රිවරයා විසින් තහඩු ගසා ආවරණය කර ඇති බවට රිඝුව චෝදනා එල්ල වෙති .

මේ සම්බන්ධව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ඇත්තටම මේ ඉඩම මම අල්ලගෙන නැහැ එයට යාබදව තිබෙන ඉඩම බදු පදනමින් ලබා ගැනිම කළා.එය කලේ මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂනල් සමාගමක වාහන වාහන ගාල් කිරීමේ ස්ථානයක් ආරම්භ කරන්න.

එහිදි ඊට යාබදව තිබුන මේ කියන ඉඩම නිසා අපේ වැඩ බිමට මගේ පවුලේ අයට අයත් ඉන්ටර්නැෂල් කම්පැනියට බාධාවක් ව තිබුනා යාබදව තිබුන ඉඩම.මොකද කුඩුකාරයෝ අනිත් අය නිතරම එතැනින් ගමන් කරනවා කුඩු ගහන්න එනවා.

ඒ නිසා අර යාබද ඉඩමත් වට කරලා තහඩු ගසා තිබේනවා අපේ ඉදිකිරීම් අවසන් වන තුරු නැතුව අපි අල්ලලා නැහැ.

අනික පුත්තලම ප්‍රාදේශීය ලේකම් මගෙන් පලි ගන්න ඕනා නිසා අපිට ලියුම් ඒවා තිබුනා.එයා තමා මේ සේරම කරන්නේ යැයි ඔහු පවසන්නට විය.

මන්ත්‍රිවරයා නගන චෝදනා හා අදාල ඉඩමේ අයිතිය පිළිබදව පුත්තලම ප්‍රාදේශිය ලේකම් සම්පත් පියල් විරසේකර මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ මම මන්ත්‍රිතුමා සමග කිසිම තරහක් නැහැ මම කරන්නේ මට අයිති රාජකාරිය. මේ වන විට මන්ත්‍රිතුමා ඇතුළු පිරිස බදු අරන් තිබේන ඉඩමට යාබද පර්චස් 25 කට ආසන්න අධික වානිජ වටිනාකමකින් යුත් ඉඩම සම්පුර්ණයෙන් නීති විරෝධීව අත්පත් කරගෙන තිබේනවා එය වහාම නවත්වන්න කියලා මම මන්ත්‍රිතුමට දැනුවත් කර ලිපි යැවිම කලා.

නමුත් එතුමා තවමත් එම ස්ථානයෙන් ඉවත් නොවිම නිසා ඉහල නිළධාරීන්ට අදාල සිද්දිය දැනුවත් කිරීම කර තිබේනවා.

මෙය මා වගකිව යුත් ප්‍රාදේශීය ලේකම් සතු ඉඩම් ඒ නිසා මම නීතිය ක්‍රියත්මක කරන්න මැලි වෙන්නේ නැහැ යැයි ඔහු පවසන්නට විය.

(ලංකාදීප)

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved