Connect with us

පුවත්

මන්නාරමේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Published

on

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථයේ රියදුරු ද සිටින බව වාර්තා වේ.

මීට අමරව අනෙක් සැකකරුවන් දෙදෙනා අතර මීටපෙර අඩම්පන් ප්‍රදේශයේ දී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුද සිටින බව සඳහන් වේ.

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී පසුගිය 16 වනදා සිදුකළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් දෙදෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධීන් දෙකකට අදාළ නඩුවක් සඳහා පෙනීසිටීමට මන්නාරම අධිකරණයට පැමිණි පිරිසකි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පවතින බවත් 2022 වසරේ දී ඝාතන දෙකක්, 2023 වසරේ දී ඝාතන 2ක් සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

2022.06.10 වන දින උයිලන්කුලම ප්‍රදේශයේදී තිරික්කල් තරගයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සහෝදරයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

එම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය 16වනදා මන්නාරම අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණි.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved