Connect with us

පුවත්

මන්නාරම සුළං බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 15ක්

Published

on

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇත.

මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

පුවත්

බදු  ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක් (UPDATE)

Published

on

By

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, බදු ගෙවන සියලුදෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බවය.

මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පුරවැසියාට කාර්යක්ෂතාවයෙන් යුතු රාජ්‍ය සේවයක් ලබාදීමට ඩිජිටල්කරණය හඳුන්වාදෙන බව ද පැවසු ජනාධිපතිවරයා, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති කළු යාන්ත්‍රණය බිඳ දමා සියලුදෙනා නීතියට අවනත වෙන ක්‍රියාවලියක් සකස් කරන බව ද කියා සිටියේය.

“බදු මුදල් ගැන ප්‍රශ්නය හුදු බදු ගෙවීම සහ බදු ලබාගැනීම ප්‍රශ්නයක් පමණක් නොව. එතැනින් එහාට ගිය ජාලගත ප්‍රශ්නයක් මෙතෙන තියෙනවා. අපිට රේගුවට, සුරාබදු එකට චෝදනා කළ හැකි වුවත් ඵලක් නෑ. මෙය එකට ගොඩගැහුණු එකිනෙකට අන්තර් සබඳතා ඇති ජාලයක්. එය බිඳිය යුතු නැද්ද ? රාජ්‍ය යාන්ත්‍රණය මීට සුදානම් විය යුතුයි. එසේ නොමැති නම් කල්තියා යන්න පුළුවන්. මම අවංකව කියන්නේ. මෙම යාන්ත්‍රණය බිඳින්නේ නැත්නම් රට අඟලක්වත් මෙතැනින් එහාට යන්නේ නෑ. අර්බුදයේ ගැඹුරටම යන්න පුළුවන්. ඒ නිසා අපි මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. ව්‍යාපාරිකයෝ සාධාරණ ලෙස ව්‍යාපාර කරලා, ඔවුන් සාධාරණ බද්දක් ගෙවනවා නම් එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමක්. එනිසා බදු මුදල් ගෙවන හැමෝටම මම ආරාධනා කරනවා. “ඔබ ගෙවන්න…අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා.” රුපියලක් නාස්ති කරනවා හෝ වංචා කරනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න උපරිම අපි මැදිහත් වෙන බව මම සහතික වෙන්නම්.”

“බදු ශක්ති” නමින් ක්‍රියාත්මක මෙම බදු සතිය අද සිට ලබන 07වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

මෙම සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මේ අතර, 2024 – 2025 තක්සේරු වර්ෂයේ සිට අදාල බදු ගෙවීම් සම්බන්ධ වර්තාවන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට එක් කිරීම අද සිට දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත වේදීකාවක් ඔස්සේ පමණක් සිදුවන අතර එම මාර්ගගත වේදීකාව රටේ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම අද උදෑසන සිදුවිය.

එය සංකේතවත් කරමින් පළමු බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේනතුවේ මාර්ගගත් වේදීකාවට එක් කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහි දී සිදුවිය.


(පෙර පුවත 2025 ජුනි 02 පෙ.ව.8.17 )

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ලංගම බසයක් අනතුරට පත්වෙයි

Published

on

By

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (02) උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පවසයි

එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී නතර වී ඇත.

අධික බෑවුමක් සහිත ස්ථානයකදි බස් රථය අනතුරට පත් වී ඇති අතර, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පැවසීය.

බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

Continue Reading

පුවත්

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

Published

on

By

විදුලිසැර වැදී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම, කොත්තත්තිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 16ක සිසුවෙකි.

මෙම සිසුවා නිවසේ තිබූ විදුලි උපකරණයක් විදුලි පේණුවට සම්බන්ධ කිරීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

ඊයේ (01) දහවල් කාලයේ දී මෙම අනතුර සිදුව ඇතැයි මදුරන්කුලිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved