Connect with us

පුවත්

මන්නා රමේෂ්ගේ කල්ලියේ 4 ක් අල්ලයි – සැකකරුවන් අතර හිටපු මාධ්‍යවේදියකුත්

Published

on

අවිස්සාවේල්ල තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නා රමේෂ් නමැති පාතල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් සිවුදෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල සේවය කළ මාධ්‍යවේදියකු ද සිටින බව පොලිසිය පවසයි. සැකකරුවන් සිවුදෙනාගෙන් තිදෙනකුම මත්කුඩු භාවිතයට තදින් ඇබ්බැහිවූවන් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මන්නා රමේෂ්ගේ සොහොයුරාට මීට මාස 06 කට පමණ පෙර තල්දූව නගර මධ්‍යයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට එකට එක කිරීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි. මෙම සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම සහ පිටිපන ප්‍රදේශවල සැඟවී සිටියදීය.

තල්දූව ද්විත්ව ඝාතනයට පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනාට රැකවරණය දීම ඊට ආධාර අනුබල දීම සහ ඔත්තු ලබාදීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා දීර්ඝ කාලයක සිට මන්නා රමේෂ් සමීපව ඇසුරු කරන අතර ඔහුට මාසික වේතනයක් පවා ගෙවා ඇති බවට හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මාධ්‍යවේදියකු ලෙස උසස් පොලිස් නිලධාරීන්, නිලධාරිනියන් සමීපව ඇසුරු කර ඇති මෙම මාධ්‍යවේදියා විවිධ තොරතුරු ලබාගෙන ඒවා මන්නා රමේෂ්ට ලබාදී ඇති බව ද අනාවරණය වූ බව එම උසස් නිලධාරියා කීය. ඝාතනයට ලක්වූ තරුණයන්ගේ ගමන් බිමන් පිළිබඳ ඔත්තු ලබාදී ඇත්තේ ද මෙම මාධ්‍යවේදියා විසින් බව හෙළි වී ඇත.

ද්විත්ව ඝාතනය සිදුකිරීමෙන් පසු ඝාතකයන් ආරක්ෂා සහිත ස්ථාන කරා රැගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි.

මෙම ප්‍රහාරය මෙහෙයවූ මන්නා රමේෂ් මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ඔහු රත්නපුර අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බව ද අනාවරණය වී ඇත.

තල්දූවේ ද්විත්ව ඝාතනය සිදුකළ පාතාල සාමාජිකයන් සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන පවත්වාගෙන යයි.

ත්‍රිරෝද රථයක නැගී තල්දූව ප්‍රදේශයේ අවමංගල්‍යයකට යමින් සිටි තරුණයන් සිවුදෙනකු පසුගියදා මන්නා රමේෂ්ගේ කල්ලියේ සාමාජිකයන්ගේ ප්‍රහාරයට ලක්වූ අතර එහිදී තරුණයෝ දෙදෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටිති.

සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයසිරි කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.

(දිවයින)

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Continue Reading

පුවත්

මෙරට සූකර වෛරසය රුසියානු එකට සමානයි; උණ නිසා ඌරන් හැටහත්දාහක් මිය ගිහින්

Published

on

By

සූකර වයිරසයෙන් මියගිය මෙරට ඌරන්ගේ සාම්පල කීපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පාලනය යටතේ ඇති කැනඩාවේ විද්‍යාගාරයකට යවා කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාම්පලවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බව යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කියයි.

සූකර උණ රෝගයෙන් පසුබෑමට ලක්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව කියා සිටියාය.

මෙරට සූකර ගොවිපොළ 2,500 ක පමණ මෙම අප්‍රිකානු සූකර වයිරසය ව්‍යාප්තවීම නිසා මෙරට ගොවිපොළවල සිටි ඌරන් 67,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි අනාවරණයවී ඇත.

මෙරටට සත්වයකු හෝ මාංශයක් ගෙන එන්නේ නම් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් ලබාගත යුතු බවත්, එලෙස බලපත්‍රයක් රහිතව ගෙන්වූ අවස්ථාද රේගුවේදී වාර්තා වන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, මෙරටට එන ගුවන් යානා සහ වරායට එන නැව්වල ඉඳුල් කොටස් බැහැර කරනු ලබන්නේ අදාළ රටට බවත්,මෙම ඉඳුල් සූකර ගොවිපොළවලට රැගෙන යන බවත්, එම ඉඳුල් නිරෝධායනයට ලක් නොවන බවද ඇය කීවාය. මේ නිසා සූකර උණ සහිත රටක ඉඳුල් ඔස්සේද මෙම රෝගය ව්‍යාප්ත වියහැකි බවද ඇය පැවසුවාය.

මෙම ඉඳුල් අධික උෂ්ණත්වයකින් රත් කිරීමේදී අදාළ වයිරසය මියයන බවද ඇය කීවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු කියා සිටියේ සූකර ගොවිපොළවලින් 251 ක් මේ වනවිට ආරම්භ කර තිබෙන නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මියයෑම් වාර්තා වන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved