Connect with us

පුවත්

“මම තරහයි.”. ජනපති කියයි

Published

on

මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස එහිදී ඔහු පැවසුවේය.

”2022 ජූලි වෙනකොට ගෙවල් ගිනි තියලා. ජනාධිපති කාර්යාලය අල්ලගෙන ,අරලිය ගහ මන්දිරේ අල්ලගෙන මගේ ගෙදර ගිනි තියලා අගමැති කාර්යාලය අල්ලගෙන තිබුන අවස්ථාවක මම රට බාරගත්තා.කවුරුත් හිතුවා ආණ්ඩුව ගෙනියන්න බැරිවෙයි කියලා.කතානායක තුමත් මමත් සියලු දෙනාම පාර්ලිමේන්තුව අල්ලන්න ඉඩදුන්නේ නැහැ.ඒ නිසා අද මේ ඡන්දේ තියනවා.ඒ පාර්ලිමේන්තුව මාව ජනාධිපති කළා.යුධ හමුදාව පොලිසිය විශේෂ ආරක්ෂක බලකාය අපිට පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දුන්නා.නැත්තන් අද අපි බංගලාදේශය වගේ…මේක නවත්තන්න විපක්ෂයේ කවුරුවත් ඉඩ දුන්නේ නැහැ.පැනලා ගියා.අපිට පින් සිද්ධවෙන්න එයාලට පුලුවන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න.එයාල සුදුසුද ආණ්ඩුවක් භාර ගන්න.ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න පුලුවන්ද….ඉන්ධන පෝලිම් බෙහෙත් පෝලිම් ගෑස් පෝලිම් නැහැ.දැන් අපිට සල්ලි තියනවා,සහන තියනවා ජිවත් වෙන්න පුලුවන්.ප්‍රශ්න තියනවා.ණය ගන්න තියනවා .අමාරුවෙන් ජිවත් වෙන්නේ ඒක මම දන්නවා.ඒ ගැන මම කණගාටු වෙනවා.ආර්ථිකය වට්ටපු අය එකක් මම තරහයි.”

පුවත්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාවෙන් අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුල න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දෙන ලදී.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, මැයි 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දෙන ලදී

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ.

මෙම උපකරණ මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්,ගොඩබෑම්,සෝදිසි කිරීම්,වැටලීම් (VBSS) සම්බන්ධ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර, අන්තරායකර රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින්, ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.

2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.

න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා, කොළඹ වරායේ බටහිර බහාලුම්  පර්යන්තයේදී ඩොලර් 500,000 ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළ අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ ගෝලීය සැපයුම් දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරනලදී.

Continue Reading

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved