Connect with us

පුවත්

මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම්

Published

on

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නැගූ ප්‍රශ්නවලට අද (18) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමිනි.

මෙම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේය.

ඒ හේතුවෙන් වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස මන්ත්‍රීවරයා එහිදී අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

තමන් තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමා මන්ත්‍රීකමෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved