Connect with us

පුවත්

මලිත් ජයතිලකගේ පියා අභාවප්‍රාප්ත වෙයි

Published

on

මලිත් ජයතිලක මහතාගේ පියා වන කළුතර දිස්ත්‍රික්කයේ කෘතහස්ත ගුරු නායකයකු හා වාමාංශික නායකයකු වූ පී.එස්.පී. ජයතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට බණාඩාරගම, රමුක්කන පදිංචි වී සිටියේය.

ඔහු 80 වැඩවර්ජනයේ ගුරු නායකයකු ලෙස කටයුතු කළ අයෙක් වන අතර, එම වර්ජනයේදී රැකියාවද අහිම කරගත්තෙකි. 

ප්‍රකට වාමාංශික නායකයකු වූ ඔහු ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවලදී මූලිකව කටයුතු කළ අයෙක් වන අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිෂ්ට් පක්ෂයේ ප්‍රබල සාමායකුද වේ. 

ජයතිලක මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ පියානන් ද වේ. 

ඔහුගේ අවසන් කටයුතු සිකුරාදා (27) දින සවස බණ්ඩාරගම පොදු සුසාන භූමියේදී සිදුකරනු ලබයි.

පුවත්

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මෙරටට

Published

on

By

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ලබන 23 වනදා සිට මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ලබන 23 වන දා සිට 26 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙයයි.

මෙම සංචාරය අතරතුර දී මහ කොමසාරිස්වරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට නියමිතය.

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් , සිවිල් සමාජ නියෝජිතයන් ,රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

මහකොමසාරිස්වරයා මහනුවර දළදා මාළිගාවට ද ගමන් කිරීමට නියමිතය.

එහිදී අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානාහිමිවරුන් බැහැ දැකීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම යාපනය සහ ත්‍රිකුණාමලය වෙත ද සංචාරය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂිතය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සමග ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකරන ඵලදායී සම්බන්ධතාවයට අනුව යමින් මානව හිමිකම් සහ සංහිදියාව ප්‍රවර්ධනය මෙන්ම ආරක්ෂා කිරීම කෙරෙහි මෙම සංචාරය අතරතුර දි වැඩි අවධානයක් යොමුවනු ඇත.

Continue Reading

පුවත්

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

Published

on

By

Child Beggars

සිඟමන් යදින සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකරන  බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ෂණ කාර්යාංශය මෙන්ම ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සමග ජාතික ළමාරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.

සිගමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි බාරකාරත්වයකට පත්කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම,  නුගේගොඩ ,  ගම්පහ,  පානදුර,  කැලණිය, මීගමුව,  ගල්කිස්ස,  කළුතර, තංගල්ල යන ප්‍රදේශවල මෙම මෙහෙයුම් ක්‍රියාත්මකය.

එමෙන්ම අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාශවල ද මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය සදහන් කරයි.

ජනාකීර්ණ ප්‍රදේශ,  මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණ අසල මෙන්ම මාර්ග සංඥා පහන් දැල්වෙන ස්ථාන අසල මෙවැනි දරුවන් බහුලව දැකගත හැකිය.

පසුගියදා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් එවැනි දරුවන් 21 දෙනෙකු අදාළ නිලධාරීන් භාරයට ගෙන ඔවුන් සුදුසු භාරකාරත්වයක් යටතට පත් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි.

Continue Reading

පුවත්

ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

Published

on

By

සති දෙකක කාලයක් තුළ වගා නොකිරීමට හේතු දක්වන්නැයි වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.  

කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේ, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම්ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved