Connect with us

පුවත්

මව්බිම බැබළවූ A/L හපන්නු

Published

on

ඊයේ(4) නිකුත් වූ 2022 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය, මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමෝදි මුණසිංහ ශිෂ්‍යාවට හිමිව තිබේ.

එමෙන්ම භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ මනෙත් මනුල පෙරේරා සිසුවාටය.

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ කවිදිනි තරුෂිකා ශිෂ්‍යාව වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමි කරගත් අතර කලා අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඩබ්.ඒ.එම්. සචිනි සත්සරණි සිසුවිය විසින් හිමිකරගෙන ඇත.

තවද ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය ශිෂ්‍යයා ලබා ගත්තේය.

2022 වසරට අදාළ උසස් පෙළ විභාගය 2023 වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 05 වැනිදා තෙක් පැවැත්වුණි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි 263,933ක් වූ අපේක්ෂකයන් අතරින් 63%ක ප්‍රතිශතයක් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

එමෙන්ම 84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.

එසේම යළි විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට සැප්තැම්බර් 11දා – 16දා දක්වා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ඊට අයදුම් කිරීමට හැකිය.

එමෙන්ම විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලබන සැප්තැම්බර් 07දා – 06දා දක්වා අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved