Connect with us

පුවත්

මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙසක් සතිය සමරයි (ඡායා)

Published

on

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන එක්ව මෙහෙයවීමෙන් මැයි 02දා – මැයි05දා වෙසක් පුන් පොහෝ දින දක්වා බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී 02දා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකමක්ද, 03දා ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනයක්ද, 04දා රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ අක්ෂි සායනයක්, ඇස් හා ශරීර කොටස් දන්දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ වැඩසටහනක්, අයිස්ක්‍රීම් දන්සැලක් ද, 05දා වෙසක් පුන් පොහෝ දින ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සැලක් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය හා අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක්ද පැවැත්විණි.

ඒ හා සමගාමීව එදිනම මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව එක්ව සුහුරුපාය පරිශ්‍රය ආලෝකමත් කිරීම සහ පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබිණි.

මෙහිදී විදුලි ආලෝකය දැල්වීම, කඩල දන්සැල විවෘත කිරීම හා භක්ති ගීත ප්‍රසංගය ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අතර, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් වෙසක් සතිය පුරා මත් උවදුරෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබිණි.

මෙම සැමරුම් වල අවස්ථා කිහිපයක් පහත දැක්වේ :

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved