Connect with us

පුවත්

තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කෑ කතාව සාවද්‍යයි – තෙල් සංස්ථාවේ සභාපති (Update)

Published

on

 “තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩිකරගෙන හා තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති” යන සිරස්තලවලින් “අරුණ” පුවත්තේ පළවූ ප්‍රවෘත්ති දෙකෙහි සාවද්‍ය හා මහජනතාව නොමගයවන කරුණු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.ද එස්. රාජකරුණා මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් දක්වා තිබේ.

ඔහු අදාළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ එම පුවත මාධ්‍යවල උපුටා දැක්වීමෙන් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම තමාගේ කීර්ති නාමයට ද හානි වී ඇති බවද ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

මේ පිළිබඳව වගකිවයුතු පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, සමහර කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් රාජකරුණා මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

අදාළ පුවත්පත උපුටා දක්වමින් අප වෙබ් අඩවියද එම පුවත පළ කළ අතර ඉන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා එහි සභාපතිවරයාට අපහසුතාවක් හෝ සිත් තැවුලක් ඇතිවූයේ නම් අප හුදෙක්ම කනගාටු වෙමු.

රාජකරුණා මහතා විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.


Last Update – December 18, 2024 7:19 am UTC+5:30

මහජන මුදලින් කජු කන මේ ආණ්ඩුවේ පිරිසක් ගැන හෙළිදරව්වක්!

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා මුදලින් කජු කන බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

සුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙලෙස කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ආනන්ද පාලිත මහතා මෙසේ ද පැවසීය.

‘‘හිටපු ජනාධිපති සීයා කජු කනවා කියල තමයි කිව්වේ. නමුත් දැන් ඉන්න ආණ්ඩුවේ අයත් ඒ කජුම කනවා. තෙල් සංස්ථාවේ අයත් හොඳටම කජු කනවා දැන්. නමුත් ඔවුන් බැන්නේ කලින් ආණ්ඩුවට. දැන් සංස්ථාවේ සභාපතිත් කජු කනවා. මොකද ආණ්ඩුවේ අයත් ඒකම කළානේ. ඒ හින්දා මෙයාලටත් දැන් කජු කන්න හිතිලා තියෙන්නේ. රාජගිරිය කජු සංස්ථාවේ බිල් අංක දහතුනයි එකසිය හැත්තෑ දෙකට අනුව රුපියල් දහතුන් දහසක කජු අරගෙන තියනවා.

සුපිරි වෙළෙඳසලකිනුත් අරගෙන තියනවා. මේ ඔක්කොම කජු කාලා තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ අය තමයි රැස්වීම් වලදී. වංචාව දූෂණය නැති කරනවා කියල තමයි ආවේ. මේ ආණ්ඩුව වත්මත් රජය මේ වන විට සියයට 137 ඉක්මවූ බදු ආදායමක් ඉන්ධනවලින් ලබා තිබෙනවා. ආණ්ඩුව තෙල් හිඟයක් ඉදිරියේදී නොපැමිණෙන බව පැවසුවත් අනිවාර්යයෙන් එවැනි ගැටලුවක් පැමිණෙනවා.

ඉදිරියේදී තෙල් හිඟයකුත් එනවා…

හරවා යැවූ ඉන්ධන නැව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට අයිති එකක් වුවත් තෙල් සංස්ථාව එම සමාගමට ඉන්ධන ලබාදීමට ගියහොත් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත අවම වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා මේ වින විට සිදුකරන්නේ ජනතාව මුලා කරගනිමින් අසත්‍ය පතුරවන එක. කලක් තෙල් සංස්ථා සේවකයකුව සිටි වත්මන් සභාපතිවරයා ලක්ෂ හය ඉක්මවූ වැටුපක් ලබනවා. ආයතන දෙක සඳහාම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වෙනුවෙන් ඔහු දීමනා ලබාගන්නවා.”

මූලාශ්‍රය – අරුණ

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved